විද්‍යා හා තාක්ෂණ ඇමැති මහා­චාර්ය ක්‍රිෂාන්ත අබේ­සේන රාජ­කාරි අර­ඹයි

විද්‍යා හා තාක්ෂණ ඇමැති මහා­චාර්ය ක්‍රිෂාන්ත අබේ­සේන මහතා විද්‍යා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­යේදී පෙරේදා (19) සිය රාජ­කාරි නිල වශ­යෙන් ආරම්භ කළේය.

නව රජයේ පර්යේ­ෂණ හා සංව­ර්ධන ප්‍රති­පත්ති සංව­ර්ධන කමි­ටුවේ මහා­චාර්ය ගෝමික උඩු­ග­ම­සූ­රිය ජාතික විද්‍යා පද­නමේ සභා­පති මහා­චාර්ය සමන් සේන­වීර, විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් රෝහිත උඩු­වා­වල ඇතුළු අමා­ත්‍යාංශ නිල­ධා­රිහු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.