පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ හමුදා කඳවුරකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සෙබළුන් 7 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රාන්තයේ කලාට් නුවර පිහිටි හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් සෙබළුන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇත්තේ කලාට් නුවරට කිලෝමීටර් 60ක දුරින් පිහිටි හමුදා කඳවුරකට බවත්, පැය කිහිපයක් පුරා දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුව සිදුවී ඇති බවත් කලාට් නුවර පොලීසිය ප්‍රකාශ කර තිබේ. එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ බලුකිස්තාන විමුක්ති හමුදාව විසින් බවට කලාට් පොලිසිය ප්‍රකාශ කර ඇතැයි ද, පසුව බලුකිස්තාන විමුක්ති හමුදාව ප්‍රහාරයේ වගකීම බාර ගන්නා බවට නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. නිවේදනයක් නිකුත් කරමින් බලුකිස්තාන විමුක්ති හමුදාව සඳහන් කර ඇත්තේ එම ප්‍රහාරය පිළිබඳ තොරතුරු අන්තර්ජාලයේ මුදා හැරීමට කටයුතු කරන බවය.