බදුලු පොත් වස­න්තය 27 දා දක්වා බදුල්ලේ සේනා­නා­යක පිටි­යේදී

දිව­යිනේ ප්‍රමු­ඛ­තම පොත් ප්‍රකා­ශන ආය­ත­න­වල හොඳම පොත් එක­තුව ‘බදුලු  පොත් වස­න්තය’ ප්‍රද­ර්ශ­නය බදුල්ල සේනා­නා­යක පිටි­යේදී ඊයේ (20) ආරම්භ වූ අතර එය ලබන 27 දින දක්වා පැවැත්වේ.

මෙවර ප්‍රද­ර්ශ­නයේ පොත් අලෙවි කුටි 70ක් පමණ ස්ථාපිත කර ඇති අතර, පොත් මිල දී ගන්නා පාරි­භෝ­ගි­ක­යන්ට විශේෂ වට්ටම්ද පිරි­නැමේ.

මේ ප්‍රද­ර්ශ­න­යට සම­ගා­මිව නව පොත් එළි­දැ­ක්වීම්ද මෙහිදී සිදු කෙරෙන අතර, ඌව පළාතේ පාසල් දරු­වන් අතින් රචිත පොත් කිහි­ප­යක්ද එළි­දැ­ක්වී­මට නිය­මි­තව ඇති අතර ඌව පළාත් සංස්කෘ­තික ක්‍රීඩා හා සංචා­රක අමා­ත්‍යාං­ශය සමඟ ප්‍රබුද්ධ සංස්කෘ­තික පද­නම මඟින් පොත් ප්‍රද­ර්ශ­නය සංවි­ධා­නය කර තිබේ. ලබන 27 දා දක්වා සෑම දින­කම උදේ 8.30 සිට රාත්‍රී 9.00 දක්වා පොත් ප්‍රද­ර්ශ­නය  විවෘ­තව පවතී.

පොත් ප්‍රද­ර්ශ­නය ආරම්භ කිරීමේ උත්ස­වය ඌව පළාත් ආණ්ඩු­කාර නීතිඥ ජේ.එම්. කපිල ජය­සේ­කර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු වූ අතර, ඌව පළාත්  ප්‍රධාන ලේකම් දම­යන්ති පර­ණ­ගම මහ­ත්මිය, ඌව පළාත් අධ්‍යා­පන ලේකම් ගාමිණි මහි­න්ද­පාල ජෝපි­යස් මහතා, ඌව පළාත්  සංස්කෘ­තික ක්‍රීඩා  හා  සංචා­රක අමා­ත්‍යාං­ශයේ ලේකම් නිහාල් ගුණ­රත්න මහතා ඇතුළු  පිරි­සක් සහ­භාගි වූහ. ඌව පළාත් සංස්කෘ­තික ක්‍රීඩා හා සංචා­රක අමා­ත්‍යාං­ශයේ ලේකම් නිහාල් ගුණ­රත්න මහ­තාගේ උප­දෙස් මත අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන්, ඌව පුස්ත­කාල සේවා මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ සඳ­රු­වන් ජය­සූ­රිය මහතා සහ බදුල්ල ප්‍රබුද්ධ සංස්කෘ­තික පද­නම මඟින් පොත් ප්‍රද­ර්ශ­නය සංවි­ධා­නය කරනු ලැබේ.