දසවන පාර්ලිමේන්තුවේ නියෝජය කථානායකධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලී මහතා තේරී පත්විය.
ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට දැනුම් දුන්නේය.
ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලී මහතා යෝජනා කරනු ලැබීය.
එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසිනි.