ජන­තාව බලා­පො­රොත්තු වූ සමාජ වෙනස ඇති කිරීමට කැප­වී­මෙන් වැඩ කර­නවා-නාග­රික සංව­ර්ධන, නිවාස හා ඉදි­කි­රීම් ඇමැති ආචාර්ය අනුර කරු­ණා­ති­ලක

ජන­තාව බලා­පො­රොත්තු වූ සමාජ වෙනස ඇති කිරීම සඳහා සේවා සම්පා­ද­න­යේදී ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් සහ රාජ්‍ය සේව­ක­යන් එක්ව කට­යුතු කළ යුතුව ඇතැයි නාග­රික සංව­ර්ධන නිවාස හා ඉදි­කි­රීම් ඇමැති ආචාර්ය අනුර කරු­ණා­ති­ලක මහතා පැව­සීය.  ඒ මහතා මෙසේ පැව­සුවේ එම අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (19) ඇමැති ධුරයේ වැඩ භාර ගනි­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

“සේවා සම්පා­ද­න­යේදී ජන­තාව වෙනු­වෙන් අපට වග­කී­මක් තිබෙ­නවා. මෑත කාල­යේදී දේශ­පා­ල­න­ඥ­යන් ලෙස සිටින බොහෝ දෙනෙ­කුත් රජයේ සේව­ක­යන් අත­ළො­ස්ස­ක­ගේත් යම් යම් ක්‍රියා­ක­ලාප හේතු­වෙන් මේ දෙගො­ල්ලන් සම්බ­න්ධ­යෙන්ම යහ­පත් ප්‍රති­රූ­ප­යක් ජන­තා­වට නැහැ. ඒ කල­කි­රීම ඇතුළු තවත් කරුණු ගණ­නා­වක් නිසා ජන­තාව වෙන­සක් බලා­පො­රොත්තු වෙනවා. ඒ නිසා අපි දෙගො­ල්ල­ටම අලුත් අව­කා­ශ­යක් ජන­තාව විසින්ම උදා­කර දී තිබෙ­නවා. සමා­ජය තුළ ආක­ල්ප­මය වෙන­සක් ඇති කර, පොදු සමාජ පරි­ව­ර්ත­න­යක් හරහා මිනි­සුන්ගේ ජීවි­ත­වල වෙන­සක් ඇති කර ගැනී­මට මේ අව­ස්ථාව ලැබිලා තියෙන්නේ.

මේ අව­ස්ථාව නිවැ­ර­දිව ග්‍රහ­ණය කර ගනි­මින්, ජන­තාව බලා­පො­රොත්තු වූ වෙනස අත්පත් කර­ග­න්න­වද, එහෙම නැත්නම් පුරුදු පාරෙම යන­වද කියන එක අපිට තීර­ණය කරන්න වෙනවා. අපි පුරුදු පාර තෝර­ග­ත්තොත් මිනි­ස්සුන්ගේ බලා­පො­රොත්තු කඩ කළ, අස­මත් මිනිස්සු ලෙස ඉති­හා­ස­යට එකතු වෙන්න අපට සිද්ධ වෙනවා. ජන­තාව අපට සකස් කර දුන් අලුත් අව­කා­ශය තෝරා­ග­ත්තොත් මිනි­ස්සුන්ගේ බලා­පො­රොත්තු ඉටු කරන්න පුළු­වන්. කවදා හෝ දව­සක අපේ ජීවිත දෙස නැවත හැරිලා බැලු­වොත් මිනි­ස්සුන්ගේ බලා­පො­රොත්තු වෙනු­වෙන් යමක් කළ අය ලෙස අපේ ජීවිත ගැන සතුටු විය හැකියි.”