තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් වූ අරුණ බණ්ඩාර මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම ඊයේ (20) දින එම අමාත්‍යාංශයේදී සිදුකෙරිණ.
1994 වර්ෂයේ රාජ්‍ය සේවයට එක්වූ අරුණ බණ්ඩාර මහතා දේශීය හා විදේශීය විශේෂ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති අතර, අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ගණනාවක අධ්‍යක්ෂ තනතුරු දරා තිබේ. ක්‍රමසම්පාදන සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු ලෙස වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති ඒ මහතා ආනමඩුව මධ්‍ය මහා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ (විශේෂ) ශාස්ත්‍රවේදී උපාධියත්, එක්සත් රාජධානියේ වේල්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන ප්‍රතිපත්ති සහ සැලසුම් පිළිබඳ ආර්ථික, සමාජ අධ්‍යයන හා සංවර්ධන අධ්‍යයන පිළිබඳ පශ්චාත් උපාධියක් ද හිමි කර ගෙන ඇත.