ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ඊයේ විශේෂ වැඩ­මු­ළු­වක්

දස­වැනි පාර්ලි­මේ­න්තු­වට තේරී­පත් වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩා­ය­මට පාර්ලි­මේ­න්තුවේ සභා­නා­යක කාර්යා­ලය විසින් ඊයේ (20) විශේෂ වැඩ­මු­ළු­වක් සංවි­ධා­නය කර තිබිණ.

ආණ්ඩු පක්ෂය නියෝ­ජ­නය කරන මැති ඇමැ­ති­ව­රුන් කණ්ඩා­යම් 3ක් ලෙස බෙදා ඊයේ (20) පෙ.ව. 10.00 සිට මේ වැඩ­මු­ළුව සංවි­ධා­නය කර තිබූ අතර, අද (21) ආරම්භ වන දස­වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සභා­වා­රය ආරම්භ වීම, එහිදී කට­යුතු සිදු වන ආකා­රය මෙන්ම මංගල සභා­වා­ර­යෙන් පසුව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් ප්‍රති­පත්ති ප්‍රකා­ශය සිදු කරන අව­ස්ථාව ආදිය සම්බ­න්ධ­යෙන් මෙහිදී පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් දැනු­වත් කර ඇත. සභා­නා­යක කාර්යා­ලය විසින් සංවි­ධා­නය කර තිබූ මේ වැඩ­මු­ළු­වේදී සභා­නා­යක ලේකම් ජන­කාන්ත ද සිල්වා මහතා ඇතුළු පිරි­සක් විසින් මහ­ජන නියෝ­ජි­ත­යන් දැනු­වත් කර ඇත. අද (21) පාර්ලි­මේ­න්තුව ක්‍රියා­ත්මක වන ආකා­රය කථා­නා­ය­ක­ව­රයා තෝරන අව­ස්ථාවේ නම් දෙකක් ඉදි­රි­පත් වුව හොත් ඡන්ද විම­සී­මක් සිදු කිරී­මට සිදු වන බැවින් ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකා­රය ආදිය සම්බ­න්ධ­යෙන් පවා මහ­ජන නියෝ­ජි­ත­යන් දැනු­වත් කර තිබේ. පැල­වත්තේ පිහිටි ජාතික ජන­බ­ල­වේ­ගයේ පක්ෂ කාර්යා­ලය වෙත පැමිණි පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් බස් රථ මඟින් පාර්ලි­මේ­න්තුව වෙත පැමිණ ඇති අතර, මහ­ජන නියෝ­ජි­ත­යන්ට පාර්ලි­මේ­න්තුව තුළ නිරී­ක්ෂණ චාරි­කා­වක්ද ලබාදී ඇත.

එමෙන්ම දස­වැනි පාර්ලි­මේ­න්තු­වට තේරී­පත් වූ පක්ෂ විපක්ෂ සියලු  මන්ත්‍රී­ව­රුන්ට පාර්ලි­මේන්තු ක්‍රියා­ව­ලිය, ආචාර ධර්ම, වර­ප්‍ර­සාද, ස්ථාවර නියෝග ඇතුළු සියලු කරුණු සම්බ­න්ධ­යෙන් දැනු­වත් කිරීම සඳහා තෙදින වැඩ­මු­ළු­වක්ද පැවැ­ත්වී­මට නිය­මි­තය.