අවු­රුදු 76ක පාලන ක්‍රමය වෙනස් කර ලස්සන ජීවි­ත­යක් ජන­තා­වට උරු­ම­ කර දෙනවා-වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න

අවු­රුදු 76ක පාලන ක්‍රමය වෙනස් කර මේ රට සැබෑ පොහො­සත් රටක් කර ලස්සන ජීවි­ත­යක් මේ රටේ ජන­තා­වට අත්පත් කර­දී­මට කැප­වන බව වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා පැව­සීය.

වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා ඊයේ (20) බත්ත­ර­මුල්ල සෙත්සි­රි­පායේ පිහිටි අමා­ත්‍යාං­ශ­යේදී වැඩ භාර ගැනීමේ අව­ස්ථා­වට එක්වෙ­මින් මේ බව කීය.

එහිදී වැඩි­දු­ර­ටත් ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

“ජාතික ජන බල­වේ­ගයේ නව ආණ්ඩුව යටතේ අද වැවිලි හා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශයේ වැඩ ආරම්භ කරනු ලැබුවා. පසු­ගිය දාහ­ත්වැ­නිදා ලබා­දුන් සුවි­ශේෂී ජන­ව­ර­මට අනුව අපි මේ රටේ ජන­තා­වට පොහො­සත් රටක් ලස්සන ජීවි­ත­යක් නිර්මා­ණය කර දෙන්න පොරොන්දු වුණා. ඒ කාර්ය­භා­ර­යේදී වැවිලි හා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශ­යට සුවි­ශේෂී වූ කාර්ය­යක් පැව­රෙ­නවා. අපි සාමූ­හි­කව මේ රට ගොඩ­නැ­ඟීමේ ව්‍යාපා­ර­යක යෙදී සිටින්නේ. මේ අමා­ත්‍යාං­ශ­යෙන් රටට ඉතා සුවි­ශේෂී මෙහෙ­ව­රක් කරන්න පුළු­වන් කියා අපි හිත­නවා. පීඩා­වට පත් වූ ජන ප්‍රජා­වක් මේ අමා­ත්‍යාං­ශ­යට ඇතු­ළත්. මේ රටේ ආර්ථි­ක­යට විශාල දාය­ක­ත්ව­යක් සප­යන්න පුළු­වන් අමා­ත්‍යාං­ශ­යක් හැටි­යට මේ අමා­ත්‍යාං­ශය අපි සල­ක­නවා. ලංකා ඉති­හා­සය ගත්තාම මේ රටට අප­න­යන ආදා­යම විශාල වශ­යෙන් ලබා දුන් තේ, පොල්, රබර්  කර්මාන්ත තුනම මේ අමා­ත්‍යාං­ශ­යට අයත්.

අද වන­විට ඊට එහාට ගිහින් වැවිලි භෝග හැටි­යට කුරුඳු දෙපා­ර්ත­මේ­න්තුව, කජු සංස්ථාව, කිතුල් ඒ වගේම තල් ආදී වූ සුළු අප­න­යන භෝග ගම්මි­රිස් වගාව ආදී ක්ෂේත්‍ර මේ අමා­ත්‍යාං­ශ­යට අයි­තියි. මේ අමා­ත්‍යාං­ශය ආය­තන තිස්එ­කක් සහිත අමා­ත්‍යාං­ශ­යක්. මේ රටේ ජන­තාව අපට ලබා­දුන් ජන­ව­ර­මට අනුව ඉති­හා­සයේ පව­ත්වා­ගෙන ආ තත්ත්ව­ව­ලින් යම් වෙන­ස්කම් සහි­තව වැඩ­දායී ඵල­දායී අමා­ත්‍යාංශ බවට පත් කර සේව­ක­යන්ට තෘප්ති­මත් ආකා­ර­යෙන් ජන­තා­වට ප්‍රති­ලාභ ලැබෙන ආකා­ර­යෙන් නව වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර­නවා. අවු­රුදු 76ක් තිබුණු පාලන ක්‍රමය වෙනස් කර මේ රට සැබෑ පොහො­සත් රාජ්‍ය­යක් බවට ලස්සන ජීවි­ත­යක් මේ රටේ ජන­තා­වට අත්පත් කර දෙන්න සූදා­න­මින් අද වැඩ භාර ගත්තා. එකඟ වූ ආකා­ර­ය­ටම මේ රට ගොඩ­නැ­ඟී­මට අමා­ත්‍යාං­ශයේ වැඩ ඉතා සාර්ථ­කව කරන්න බලා­පො­රොත්තු වෙන­වා.”