ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වාසය තහවුරු වූ පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අගමැති, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
‘ඉසුරුපාය’ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අභිනව ඇමැති ධුරය භාර ගනිමින් අගමැතිනිය ඊයේ (20) මේ බව පැවසුවාය.
අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ ඇමැති ධුරයක් භාර ගැනීමට ලැබීම සම්බන්ධව නිහතමානීව සතුටු වන බවත් එසේම එම විෂයේ පවත්නා භාරදූරභාවය ද මැනවින් අවබෝධ කරගෙන සිටින බවත් ඇය ප්‍රකාශ කළාය. නව රජයේ ප්‍රතිපත්ති අනුව ඉහළ ප්රමුඛත්වයක් අධ්‍යාපනයට ලබා දී ඇති අතර පාසල් අධ්‍යාපනය නිසි ක්‍රමික රටාවකට හා කාලසටහනකට අනුව සාර්ථකව ක්‍රියාත්මක කළ යුතු බවත් ඇමැතිනිය පැවසුවාය. එමඟින් දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් සකස් කර දිය යුතුව ඇති අතර ඊට අවශ්‍ය වන පරිදි වර්තමානයේ අධ්‍යාපන ක‍්ෂේත්‍රයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කළ යුතු බවත් සියලුදෙනාගේ නොමඳ සහාය ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කේ.එම්.ජී.එස්.එන්. කලුවැව මහතා ද ඊයේ (20) ‘ඉසුරුපාය’ අමාත්‍යාංශ පරිශ්‍රයේදී එම ධුරයේ වැඩ භාර ගත්තේය.