දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ලබුදූව රජයේ ගොවිපොළ පරිශ්‍රයේදී හත් වැනි වරටත් පවත්වන ‘දක්ෂිණ කෘෂි නවෝදය 2024’ ප්‍රදර්ශනය ඊයේ (20) ආරම්භ විය. 24 වැනිදා දක්වා දින පහක් පුරා පැවැත්වෙන මේ ප්‍රදර්ශනයේ තේමාව වන්නේ ‘පුනරුද කෘෂි යුගයකට සවිමත් කෘෂි ව්‍යවසායකත්වයක්’ යන්නයි.
දිනපතා උදෑසන 7.30 සිට සවස 6.00 දක්වා මේ ප්‍රදර්ශනය පැවැත්වේ. බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගයෙන් සංවිධාන කර ඇති මේ ප්‍රදර්ශනය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීම පාදක කරගනිමින් කෘෂිකාර්මික අමුද්‍රව්‍ය භාවිත කර අගය එකතු කළ නිෂ්පාදනවලින් සවිමත් කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීම අරමුණු කොට තිබේ.
ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ සුවිශේෂි කලාපයක් ලෙස කෘෂි ව්‍යවසායකත්ව කලාපයක් පිහිටුවා ඇත. ස්වයං රැකියාවක් ලෙස කෘෂි ව්‍යවසායකයෙක් වීමට කැමැත්තක් දක්වන ඕනෑම අයකුට කෘෂි ව්‍යවසායකත්ව පුහුණු හා සංවර්ධන ඒකකය හරහා ප්‍රදර්ශනයෙන් පසුවද මඟ පෙන්වීමට අවස්ථාව සලසා ඇත. එපමණක් නොව ගොවි ජනතාව ඇතුළු පාසල් දුවා දරුවන්ට නැරඹීම සඳහා බෝග වගාව, මී මැසි පාලනය, කෘෂි යන්ත්‍රෝපකරණ, බිම්මල් වගාව, සත්ත්ව පාලනය, පසු අස්වණු තාක්ෂණය ඇතුළු අංශ ගණනාවක් ආවරණය වන පරිදි ප්‍රදර්ශනය සැලසුම් කර තිබේ.
කෘෂිකර්ම පර්යේෂණ ආයතනවලින් කෘෂිකර්ම ක්ෂෙත්‍රය සම්බන්ධව බිහිවන නව දැනුම හා තාක්ෂණයන් එකවර කෙටි කාලයකදී විශාල ප්රජාවකට සන්නිවේදනය කිරීම මේ ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණයි.