මහමැතිවරණයේ දී එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂය සියලු දිස්ත්‍රික්වලට තරග කළේ නම් නියත වශයෙන් ම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි කර ගැනීමට අවස්ථාව තිබුණු බව පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් හිටපු අපේක්ෂක ඉවාන් හේමචන්ද්‍රන් මහතා පැවැසීය.
ඉදිරි දේශපාලන සැලසුම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉවාන් හේමචන්ද්‍ර මහතා මේ බව සඳහන් කළේය.
පක්ෂයක් ලෙස මුල්වරට මහමැතිවරණයක දී දිස්ත්‍රික් 9කට තරග කර ඉහළ ඡන්ද ප්‍රමාණ හිමි කර ගැනීමට සමත් වූ බව පැවැසූ ඒ මහතා සියලු දිස්ත්‍රික් සඳහා තරග කළේ නම් අනිවාර්යෙන්ම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිකර ගැනීමට අවස්ථාව තිබුණ බව කියා සිටියේය.
ප්‍රධාන පක්ෂ හා සැසඳීමේ දී නවක පක්ෂයක් ලෙස එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයට ජනතාවගේ ඉහළ පිළිගැනීමක් හා කැමැත්තක් තිබූ බව ප්‍රතිඵලවලින් පෙන්වා දී ඇති බවත් එය ඉදිරි මැතිවරණයේ දී තව තවත් ඉහළ යනු ඇති බවත් ඉවාන් හේමචන්ද්‍ර මහතා පැවැසීය.
ඉදිරි මැතිවරණ සඳහා ද තරග කරන්නැයි ජනතාව මේ වන විටත් සිය පක්ෂයෙන් ඉල්ලා සිටින බව පැවැසූ හෙතෙම ඒ තුළින්ම ජනතාවට පක්ෂය පිළිබඳ ඇති වී තිබෙන ප්‍රසාදය තහවුරු වෙමින් තිබෙන බව කියා සිටියේය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
රන්ජන් රාමනායක මහතා කියන්නේ මේ රටේ ඉන්න පිළිගත් දේශපාලන නායකයෙක්. එතුමා වංචාව, දූෂණයට වගේම මැරකමට විරුද්ධව සටන් කළ නායකයෙක්. එවැනි නායකයෙක් එක්ක අපට දේශපාලන වශයෙන් විශාල පරිවර්තනයක් කරන්න පුළුවන්. අපි මහමැතිවරණයට ඉදිරිපත් වෙද්දි, ඒ සඳහා තිබුණේ කෙටි කාලයයි. ඒ කාලය ඇතුළත අපට ජනතාවගේ හඬ වෙන්න පුළුවන්කම ලැබුණා. ඇතැම් ප්‍රබල දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව එක්ක ගත්තම අපි දිස්ත්‍රික් 9කට තරග කරලයි එම ඡන්ද සංඛ්‍යාව ලබාගත්තේ. දැන් පක්ෂයක් ලෙස අප ජනතාව අතර ප්‍රසිද්ධියක් ලබාගෙන තිබෙනවා. සමහරු ඇතැම් අයගේ මුදල්වලට අපේ පක්ෂයට ගහද්දි පවා ජනතාව ඒවට නොරැවටී ඡන්දය දෙන්න කටයුතු කළා. අපට ඡන්දය දුන් ජනතාවට පක්ෂයේ ස්තූතිය පුදකර සිටිනවා. ඒ වගේම නව ආණ්ඩුවට වගේම කැබිනට් මණ්ඩලයට අප පක්ෂයක් ලෙස සුබ පතනවා. හොඳ දේට සහාය දෙන්නත්, වැරැදි දේ පෙන්වා දෙන්නත් කටයුතු කරමින් අප පක්ෂයක් ලෙස දේශපාලන ගමන ඉදිරියට යනවායිද පැවසීය.