පස්සර 13 කණුවේ මාර්ග අවහිරය තවදුරටත්

පස්සර – බිබිල, මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයට කඩා වැටී ඇති ගල් පර්වත, පස් කඳු තවදුරටත් මාර්ගයට කඩා වැටීමේ අවදානමක් මතුවී ඇති හෙයින් එම මාර්ගය රථවාහන ධාවනයට තව දින කිහිපයක් යන තෙක් විවෘත කිරීමට නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය ඊයේ (19) පැවසීය. පැවති වර්ෂාවත් සමඟ පෙරේදා (18) අලුයම පස්සර – බිබිල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයට ඉහළ කඳු මුදුනේ පිහිටි විශාල ගල් පර්වත, පස් කඳු, ගස් කඩා වැටීමෙන් රථවාහන ධාවනයට බාධා සිදුව තිබේ. මින් කිසිවකුට හෝ අනතුරක් සිදුවනොමැති බවත්, එම ස්ථානයේ නවතා තබා තිබූ ත්‍රීරෝද රථ තුනකට අලාභ හානි සිදුව ඇති බවත් පොලීසිය කියයි.