තරුණ ඔලිම්පික් (2026) සහ ඔලිම්පික් (2028) තරගාවලිය

තරුණ ඔලිම්පික් (2026) සහ ඔලිම්පික් (2028) තරගාවලියට දුනු විදීමේ ඉසව්වෙන් සහභාගි වීමට නියමිත ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා ලොව අංක එකේ දුනු විදීමේ පුහුණුකරු දකුණු කොරියානු ජාතික කිම් හයොං මහතා පසුගියදා කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණියේය. ඔහුගේ බිරිය ද මේ අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සහ මොහු මෙරටට ගෙන ඒමට මූලිකව කටයුතු කළ ඇරෝ ඩයිනමික් ස්පෝර්ට්ස් ඇකඩමියේ නිලධාරීහු ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.