පාකිස්තානයේ හිටපු අගමැති නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමෙරිකාවේ මන්ත්‍රීවරු 40 දෙනකුට අධික පිරිසක් ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට නියමිතව සිටින ජෝ බයිඩ්න්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ වනවිට සිරගත කර සිටින ඉම්රාන් ඛාන්ට අමතරව සෙසු දේශපාලන සිරකරුවන් ද නිදහස් කිරීමට එම ලිපිය මඟින් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අමෙරිකාවේ මන්ත්‍රී කණ්ඩායමක් මේ ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම්වල වාර්තා මඟින් ඉම්රාන් ඛාන් ඇතුළු සෙසු දේශපාලන සිරකරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති මන්ත්‍රී කණ්ඩායමට රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් පක්ෂ ද්විත්වයටම අයත් සාමාජිකයන් සිටින බවත්, මන්ත්‍රීවරු 46 දෙනකු එම ලිපියට අත්සන් තබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පාකිස්තානයේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ එරට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරිමට පෙනී නොසිටීම පිළිබඳ පාකිස්තානයේ අමෙරිකානු තානාපති ඩොනල්ඩ් බ්ලෝම් ද එම ලිපිය මඟින් දැඩි විවේචනයට ලක්කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.