රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා තනතුරින් වහා ඉවත් කරන්නැයි ඉල්ලමින් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සේවකයන් සහ සිසුන් එක්ව අඛණ්ඩ වැඩ වර්ජනයක් ඊයේ (19) සිට ආරම්භ කර තිබේ.
එම වර්ජනය හේතුවෙන් විද්‍යා, මානව හා ශාස්ත්‍ර, කළමනාකරණ, ඉංජිනේරු ඇතුළු පීඨ 07ක අධ්‍යයන කටයුතු ඇන හිට ඇත.
අධ්‍යයන, අනධ්‍යයන සේවකයන් පමණක් නොව සිසුන්ද දැඩි පීඩාකාරිත්වයට පත් කරමින් උපකුලපතිවරයා කුරිරු පාලනයක් ගෙන යමින් සිටින බවත් අත්තනෝමතිකව කටයුතු කරන උපකුලපතිවරයා තනතුරෙන් ඉවත් කරන තුරු අඛණ්ඩ වැඩ වර්ජනයක නියැළෙන බවත් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ලිපිකාර හා කළමනාකරණ සහකාර හා කාර්මික සේවා සංගමයේ, රුහුණු විශ්වවිද්‍යාලීය ශාඛා සමිතියේ උප සභාපති සුගත් ආණමඩුව මහතා ‘‘දිනමිණට‘‘ ඊයේ (19) පැවැසීය. අධ්‍යයන, අනධ්‍යයන මෙන්ම සිසුන්ගේද සුබ සාධනය සඳහා වෙන්කර ඇති මුදල් උපකුලපතිවරයා විසින් වෙනත් කටයුතු වලට යොදා ගනිමින් බොහෝ සුබ සාධන කටයුතු මග හරිමින් සිටින බව ආණමඩුව මහතා කියා සිටියේය.
විවාහක සේවක නිල නිවාස සඳහා පෙර දාතම යොදා ගනිමින් හිඟ කුලිය ලෙස විශාල මුදලක් එම සේවකයන්ට නොදන්වා වැටුපෙන් කපා ගැනීමට කටයුතු කර ඇති බවත් විවිධ හේතු දක්වමින් මේ වන විට ශිෂ්‍යයන් 550කගේ සංඛ්‍යාවකගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවත් ඒ මහතා කීවේය. පසුගිය රජයන් හා සම්බන්ධ වෙමින් සිය ආරක්ෂාව ට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට උපකුලපතිවරයා කටයුතු කළ බව ද සුගත් ආණමඩුව මහතා පැවැසීය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දේශන හා විභාග කටයුතු නැවැතී තිබෙන අතර විශ්වවිද්‍යාලය පවත්වා ගෙන යෑමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ආණමඩුව මහතා සඳහන් කළේය.