මුදල් අමාත්‍යාංශ ලේකම් වැඩභාර ගනියි

මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් වූ කේ.එච්.මහින්ද සිරිවර්ධන මහතා අද (20)  සිය ධුරයේ වැඩභාර ගෙන තිබෙයි.

ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව / ඉන්දියාව / බංග්ලාදේශය සහ භූතානය සදහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර තිබෙයි.

මෙම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන් සහ මුදල් අමාත්‍යංශයේ යටතේ වන දෙපාර්තමේන්තු වල ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.