කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වූ තිලකා ජයසුන්දර මහත්මිය අද (20) අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළාය.
ඇය මීට පෙරද 2022 වසරේ සිට 2024 වසර දක්වා අවුරුදු 2ක කාලයක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය හොබවමින් කර්මාන්ත ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්ය්ය භාරයක් ඉටුකළාය.
තිලකා ජයසුන්දර මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියක් වන අතර 2021 වසරේ රජයේ කාර්ය සාධන කළමනාකරණය සහ මිනුම්කරණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මානලාභිනියද වෙයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, සුළු අපනයන බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරිය ලෙසද, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යපාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙසද කටයුතු කර ඇති තිලකා ජයසුන්දර මහත්මිය ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) පළමු කාන්තා සභාපතිනිය වූවාය.
ජයසුන්දර මහත්මිය ජපානයේ ටෝකියෝ හි ආසියානු ඵලදායිතා සංවිධානයේ (APO) හිටපු අධ්‍යක්ෂිකාවක (කර්මාන්ත) වන අතර වසර 10 කට ආසන්න කාලයක් ජාතික ඵලදායිතා සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙසද කටයුතු කළාය. ආසියානු ඵලදායිතා සංවිධානයේ වසර 56 ක ඉතිහාසය තුළ ජපන් ජාතික නොවන පළමු අධ්‍යක්ෂිකාව (කර්මාන්ත) ඇය වූ අතර එහි ඇගේ සේවා කාලය වාර්තාගත සේවා කාලයකි. ආසියානු ඵලදායිතා සංවිධානයේ සියලුම සාමාජික රටවල් ඇයගෙන් ඉටුවූ සේවාව මෙන්ම සියලුම සාමාජික රටවල් සමඟ ඇය පවත්වාගෙන ගිය අන්තර් පුද්ගල සම්බන්ධතාවන් බෙහෙවින් අගය කර ඇති අතර ආසියානු ඵලදායිතා සංවිධානයේ රාජ්‍ය අංශයේ ඵලදායිතාව, ප්‍රතිපත්ති රාමුව සහ වැඩසටහන් සංවර්ධනය කිරීමෙහිලා ජයසුන්දර මහත්මිය සුවිශේෂී කාර්ය්යක් ඉටුකර තිබෙයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියක් වන අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධිය හිමි කර ගෙන ඇති ඇය ඵලදායිතා ප්‍රවර්ධන ව්‍යාපාරයේ ජාත්‍යන්තර සහ ජාතික අත්දැකීම් රාශීයක් ඇති පළපුරුදු නිළධාරිනියකි. එසේම තිලකා ජයසුන්දර මහත්මිය ව්‍යාපෘති කළමනාකරණය, ඵලදායිතා ප්‍රවර්ධනය, රාජ්‍ය ප්‍රතිපත්ති, පරිපාලනය, සාමාන්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, සැලසුම්කරණය සහ නියාමනය, උපායමාර්ගික කළමනාකරණය, නායකත්වය, දැනුම කළමනාකරණය, ලීන් කළමනාකරණය, හරිත ඵලදායිතාව, රාජ්‍ය අංශයේ කාර්ය සාධනය, සේවා නවෝත්පාදනය සහ මානව කේන්ද්‍රීය ඵලදායිතාව යනාදි ක්ෂේත්‍ර රැසක විශේෂඥ දැනුම ලබා ඇති අයෙකි.