නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යධූරයෙන් පිදුම් ලැබු වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාර ගන්නා ලදී.
සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාරගැනීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජනතාව විශාල බලාපොරොත්තුවක් තබමින් අති විශාල බහුතරයක්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබාදෙමින් නව රජය බලයට පත් කරන ලද්දේ රට ඉදිරියට ගෙනයාමට බවත්, ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය එම වගකීම ඉතා ඉහළින්ම ඉෂ්ඨ කරන බවත් ජනතාවට පොරොන්දු වන බවයි.
ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය අද උදෑසන පැවැති පළමු කැබිනට් රැස්වීමේ දී තමන්ව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ බවද, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ඉතා බාරදූර හා වගකීම් සම්පන්න අමාත්‍යාංශයන් බවද එම අමාත්‍යාංශයන්හි කාර්ය සාධන කටයුතු ඉතා ඉහළින්ම සිදු කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මෙරට සෞඛ්‍ය සේවාව වසර ගණනාවක ඉතිහාසය තුල ලෝකයේ කීර්තියක් උපයාගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන් ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල කැපකිරීමක් සිදු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, එනමුත් අප දකුණු ආසියාවේ සහ ලෝකයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් උපයාගෙන තිබුන කීර්ති නාමය මෙන්ම සෞඛ්‍ය සේවාව පිළිබද ජනතාවගේ විශ්වාසය පසුගිය කාලය තුල දුෂිත දේශපාලනය විසින් විනාශයට පත් කර ඇති බවද පැවසීය. තමන්ට පැවැරී ඇති ප්‍රධානතම වගකීම සහ අභියෝගය සෞඛ්‍ය සේවාව පිළිබදව ජනතාවගේ විශ්වාසය යළි ප්‍රතිශ්ථාපනය කිරිම සහ සෙඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිරූපය නැවත නගා සිටුවීම බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
වෙනදා ආතතියට ප්‍රතිකාර කරන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බවත්, පසුගිය කාලය තුල සිදු වූ වැරදි නිසා අද සෞඛ්‍ය අමාත්‍යාංශයම ආතතියට පත්ව තිබෙන බව ද පැවසීය. සෞඛ්‍ය සේවාව මහජන සේවාවක් බවත්, රජයේ ප්‍රධානතම කාර්යභාරය ජනතාව වෙනුවෙන් මහජන සේවාවක් ලෙස ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙනයාම බවත් පැවසීය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා විශේෂ මැදිහත්වීමක් සිදු කරන බවත්, අනාගත ව්‍යවස්ථාවක දී සෞඛ්‍ය සදහා ප්‍රවේශය මහජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකමක් ලෙස තහවුරු කිරීමට කටයුතු කරන බවත්, ඊට පෙර සෙඛ්‍ය සේවාව ජනතාව වෙත සමීප කිරීම, කාර්යක්ෂම කිරීම, ඵලදායි කිරීම සදහා ව්‍යුහයක් සකස් කිරීමට කැපවීමෙන් කටයුතු කරන බවත්, ඒ් වෙනුවෙන් සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලු සියළු කාර්ය මණ්ඩල සහයෝගය ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවත් පැවසීය.
සියළුම ජනමාධ්‍ය වෙතින්, ජනමාධ්‍ය හිමිකරුවන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් තමන් ඉල්ලා සිටින්නේ රට වෙනස් වී තිබෙන බවත්, ජනමාධ්‍ය විසින් රටේ මාධ්‍ය සංස්කෘතිය සෑහෙන දුරකට වෙනස් කර ඇති බවත්, මෙවැනි පෙරළියක් සිදු වූයේ තිබුණු සහ නව මාධ්‍ය තුලින් බවත්, එබැවින් ජනතාවගේ එම වෙනසට ගරු කළ යුතු බවත් ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි. ඒ මාධ්‍ය සංස්කෘතිය ඉදිරියට ගෙනයාමට තමන් මෙහෙයවීම් කටයුතු සිදු කරන බවත්, සියළු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නේ ලෝකයට ගැලපෙන, එකිනෙකාට ගරු කරන, එකිනෙකාගේ විශ්වාසයන් ආරක්ෂා කරන, ගරුත්වය ආරක්ෂා කරන නව මාධ්‍ය සංස්කෘතියකට යාමට කටයුතු කරන ලෙස ද වැඩිදුරටත් පැවසීය.
වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා ජාතික ජන බලවේගයේ විධායක සභිකයෙකු ද වේ. 2009 වර්ෂයේ දී බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ එතුමන් 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්, අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල එක්ව සිටියහ.