අමෙරිකාවේ යුද නැවක් සේවා අවශ්‍යතා ගන්න කොළඹ වරායට පිවිසෙයි

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයකට ඊයේ (18) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke class guided missile destroyer වර්ගයට අයත් ‘USS Spruance’ යුද නෞකාව, දිගින් මීටර් 160ක් හා නැව් කාර්ය මණ්ඩලය 334කගෙන් සමත්විත වන අතර නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාන්ඩර් Thomas Adams කටයුතු කරයි.

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘USS Spruance’ නෞකාව අද(19) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.