සර්වජනයෙන් දිලිත්

සර්වජන බලය පක්ෂය සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක දිලිත් සුසන්ත ජයවීර මහතා නම් කර ඇත. පක්ෂයේ විධායක කමිටුව මෙම තීරණයට එළැඹි බව පක්ෂ මහ ලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා පවසයි. ඒ අනුව දිලිත් ජයවීර මහතාගේ නම මැතිවරණ කොමිසමට යොමු කිරීමට නියමිත බව ද ඒ මහතා කියයි.