නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි

 නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කළේය.

මේ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නාය