තවත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් මහනුවර පොලීසිය භාරයට

චැසි අංකය වෙනස් කරන ලද බවට සැක කෙරෙන ඩිෆෙන්ඩර් වර්ගයේ තවත් ජීප් රථයක් මහනුවර පොලීසිය භාරයට ගෙන තිබේ.

වැඩ බලන පොලිස්පතිවරයාට ලැබුණු ඍජු පැමිණිල්ලකට අනුව මෙම ජීප් රථය සොයාගෙන ඇත්තේ මහනුවර ප්‍රධාන පෙළේ මත්ස්‍ය ව්‍යාපාරිකයකු සතුව තිබියදීය. මේ ජීප් රථය රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ගෑනීමට කටයුතු කර තිබෙන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.