ස්විට්ස­ර්ල­න්තයේ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට විදෙස් සිසු­ සි­සු­වි­යන් සීමා කරයි

ඉහ­ළම මට්ටමේ ඉංජි­නේ­රු­ව­රුන් සහ විද්‍යා­ඥ­යන් බිහි කරන ලොව කීර්ති­මත් විශ්ව­වි­ද්‍යා­ල­යක් ලෙස ප්‍රකට ස්විට්ස­ර්ල­න්තයේ සූරිච් තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ල­යට චීනය ඇතුළු විදෙස් රට­වල සිසුන් ඇතු­ළත් කර­ගැ­නීම සීමා කිරී­මට පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ස්විට්ස­ර්ල­න්තයේ ජාතික ආර­ක්ෂාව සැල­කි­ල්ලට ගෙන මේ පිය­වර ගෙන ඇතැයි ද, එය දැඩි විවේ­ච­න­යට ලක්වී ඇතැයි ද  විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. සූරිච් තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලය ගත් මේ පිය­වර සම්බ­න්ධව දැඩි විවේ­ච­න­යට ලක් කර­මින් වසර ගණ­නා­වක් පුරා ස්විට්ස­ර්ල­න්තයේ සේවය කළ චීන විද්‍යා­ඥ­යකු එම තීර­ණය වෙනස් කොට සැල­කී­මක් බවට හඳුන්වා දී ඇතැයි ද වාර්තා වේ.

සිය නව­තම ආර­ක්ෂක පිරි­ක්සුම් ප්‍රති­ප­ත්තිය පසු­ගි­යදා ප්‍රකා­ශ­යට පත් කර­මින් සූරිච් තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලය ගත් මේ පිය­වර ආචාර්ය උපාධි හා ශාස්ත්‍ර­පති උපාධි අපේ­ක්ෂා­වෙන් පසු­වන නවක සිසුන්ට දැඩි බල­පෑ­මක් එල්ල කරනු ඇති බවත් වාර්තා වේ.

රටේ ආර­ක්ෂාව සැල­කි­ල්ලට ගෙන විදෙස් රට­වල සිසු­ සි­සු­වි­යන් වැඩි­දුර අධ්‍යා­ප­නය සඳහා ඇතු­ළත් කර ගැනීම සීමා කර­මින් සූරිච් තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලය ඇගැ­යීම් නිර්ණා­යක 4ක් හඳුන්වා දී ඇති අතර, එම නිර්ණා­යක අනුව උපන් රට, ජාති­ක­ත්වය සහ පදිංචි ස්ථානය, මීට පෙර අධ්‍යා­ප­නය ලැබූ ආය­තන මෙන්ම  සම්බා­ධක පන­වනු ලැබූ රට­කින් ශිෂ්‍ය­ත්ව­යක් ලැබී තිබේ­දැයි යන්න එම නිර්ණා­ය­ක­ව­ලට ඇතු­ළත් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.