සදර්න් ඉලි­නෝයි විශ්ව­වි­ද්‍යා­ලය හා අපේ උසස් අධ්‍යා­පන ආය­තන අතර ගිවි­සුම් මඟින් අධ්‍යා­පන අවස්ථා රැසක්

අමෙ­රි­කවේ ඉලි­නෝයි ප්‍රාන්තයේ කාබ­න්ඩේල්හි සදර්න් ඉලි­නෝයි විශ්ව­වි­ද්‍යා­ලය (SIU) හා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යා­පන ආය­තන අතර ඇති කළ ගිවි­සුම් මගින් ශ්‍රී ලාංකික සිසුන් සඳහා අධ්‍යා­පන අවස්ථා රැසක් නිර්මා­ණය කර ඇති බව අමෙ­රි­කාවේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය ප්‍රකාශ කරයි. එම­ඟින් එක්සත් ජන­ප­දය සහ ශ්‍රී ලංකාව අතර සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් වී තිබෙන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය වොෂි­න්ටන්හි ශ්‍රී ලංකා තානා­පති මහින්ද සම­ර­සිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරි­සක් පසු­ගිය 2023 වසරේ දෙසැ­ම්බර් මාස­යේදී එම විශ්ව­වි­ද්‍යා­ලීය ඉහළ නිළ­ධා­රීන් සමඟ සාක­ච්ඡා­වක් පැවැත්වූ බවද ලාංකේය සිසුන් සඳහා ඇති වටිනා අව­ස්ථා­වන් ප්‍රව­ර්ධ­නය කිරීම අර­මුණු කර­ග­නි­මින්, සදර්න් ඉලි­නෝයි විශ්ව­වි­ද්‍යා­ලය සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යා­පන ආය­තන අතර එක­ඟතා ගිවි­සුම් පිළි­බ­ඳව එහිදී අව­ධා­නය යොමු කළ බවද පෙන්වා දෙයි.

සදර්න් ඉලි­නෝයි විශ්ව­වි­ද්‍යා­ලය සමඟ වූ එම සංවා­ද­යෙන් සහ විධි­මත් යෝජ­නා­ව­ලින් පසුව, වොෂි­න්ටන් තානා­පති කාර්යා­ලය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය සහ පෞද්ග­ලික අධ්‍යා­පන ආය­ත­න­ව­ලට එකී අව­ස්ථා­වන් යොමු කළ අතර එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස අව­බෝ­ධතා ගිවි­සුම් (MOU) කිහි­ප­යක් අත්සන් කර තිබේ. සදර්න් ඉලි­නෝයි විශ්ව­වි­ද්‍යා­ලය වැනි කීර්ති­මත් ආය­ත­න­යක් හරහා එක්සත් ජන­ප­දය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යා­ප­නික හවු­ල්කා­රි­ත්ව­යන් වර්ධ­නය කිරී­මට ලැබීම ඉතා වැද­ගත් පිය­ව­රක් බව ශ්‍රී ලංකා තානා­පති මහින්ද සම­ර­සිංහ මහ­තාගේ අද­හස වෙයි.

SIUහි උපා­ය­මා­ර්ගික සැලැස්ම, Imagine 2030 සමඟ ජාත්‍ය­න්තර සබ­ඳතා ගොඩ­න­ඟා­ගැ­නීම සහ එහි ශිෂ්‍ය සාර්ථ­ක­ත්වය සහ විවි­ධ­ත්වය, සමා­නා­ත්ම­තා­වය සමඟ හොඳින් ගැළ­පේ­යැයි පර්යේ­ෂණ පිළි­බඳ උප­කු­ල­පති සහ උපාධි පාසලේ පීඨා­ධි­පති කොස්ටස් සැට්සො­ලිස් මහතා පවසා තිබේ. ශ්‍රී ලංකාවේ හා සෙසු රට­වල දක්ෂ සිසුන් ද ඉලි­නො­යිස් විශ්ව විද්‍යා­ලයේ කීර්තිය තවත් ඉහල නංවනු ඇති බවට ද ඒ මහතා විශ්වා­සය පළ­කර තිබෙන අතර ලාංකික සිසුන්ගේ පැමි­ණීම හා ඉහළ මට්ටමේ අධ්‍යා­ප­න­යක් ලබා­දීමේ හැකි­යාව සහිත පර්යේ­ෂණ විශ්ව විද්‍යා­ල­යක ඔවුන්ට ප්‍රායෝ­ගික අවස්ථා සලසා දීමට බලා­පො­රොත්තු වන බවද ප්‍රකාශ කර ඇත.

ලංකාවේ NSBM හරිත විශ්ව­වි­ද්‍යා­ලය 2024 මාර්තු මාසයේ දී ඉලි­නෝය විශ්ව­වි­ද්‍යා­ලය සමඟ අව­බෝ­ධතා ගිවි­සුම නිමා කළ අතර, ඒ සම­ඟම ජාතික ව්‍යාපාර කළ­ම­නා­ක­රණ ආය­ත­නය (NIBM), බෞද්ධ අධ්‍ය­යන සඳහා වන නාගා­නන්ද ජාත්‍ය­න්තර ආය­ත­නය (NIIBS) සහ හොර­යි­සන් විශ්ව­වි­ද්‍යා­ලය සමඟ මෑත කාලීන ගිවි­සුම් ඇති කර­ගන්නා ලදි. එම­ඟින් උසස් අධ්‍යා­ප­නයේ සහ­යෝ­ගි­තා­වට ඇති කැප­වීම තව­දු­ර­ටත් ශක්ති­මත් කරන ලද අතර සදර්න් ඉලි­නෝය හා මොර­ටුව විශ්ව විද්‍යා­ලය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යා­ලය අතර ගිවි­සුම් ඇති­කි­රීමේ කට­යුතු  ක්‍රියා­ත්මක වේ. එම­ගින් අධ්‍ය­යන විශි­ෂ්ට­ත්වය සහ ජාත්‍ය­න්තර සහ­යෝ­ගී­තා­වය ඉහළ නැංවීම සඳහා වන දෙරටේ හවු­ල්කා­රී­ත්වය හා කැප­වීම වර්ධ­නය වෙයි.

“මේ ගිවි­සුම් ලාංකික සිසුන්ට දීප්ති­මත් අනා­ග­ත­ය­කට මඟ­පා­දනු නිසැක” යැයි ශ්‍රී ලංකා තානා­පති මහින්ද සම­ර­සිංහ මහතා පව­සයි. මේ ආර­ම්භය අමෙ­රි­කාව සහ ශ්‍රී ලංකාවේ ආය­තන අතර සහ­යෝ­ගි­තා­වට ප්‍රබල අනු­බ­ල­යක් වනු ඇතැයි පව­සන තානා­ප­ති­ව­රයා, SIU සහ එහි නිල­ධා­රීන් – Costas Tsatsoulis සහ Karen Jones, සහ­කාර පීඨා­ධි­පති සහ උපාධි පාසලේ අධ්‍යක්ෂ සහ Peter Li, ජාත්‍ය­න්තර අධ්‍යා­පන මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ වෙත ඔවුන්ගේ කැප­වීම වෙනු­වෙන් සිය අවංක කෘත­ඥ­තාව පුද කරයි.

1869 දී සාමාන්‍ය විද්‍යා­ල­යක් ලෙස ඇරඹී පසුව වර­ලත් සදර්න් ඉලි­නෝයි විශ්ව­වි­ද්‍යා­ලය ලෙස එක්සත් ජන­පද පර්යේ­ෂණ විශ්ව­වි­ද්‍යා­ලය ආරම්භ කර තිබෙන අතර SIU සියලු එක්සත් ජන­පද උසස් අධ්‍යා­පන ආය­තන අතර පර්යේ­ෂණ සඳහා ඉහ­ළම 5% තුළ ශ්‍රේණි­ගත කර ඇත. එය උසස් අධ්‍යා­පන ආය­තන සඳහා වන Carnegie වර්ගී­ක­ර­ණය මඟින් ඉහළ පර්යේ­ෂණ ක්‍රියා­කා­ර­කම් සහිත ආචාර්ය උපාධි දක්වා පිරි­න­මන ඉහළ විශ්ව­වි­ද්‍යා­ල­යක් ලෙස ප්‍රමි­ති­ග­තව ඇත. ඊට පර්යේ­ෂණ සඳහා වාර්ෂි­කව විශාල බාහිර අර­මු­දල් ලැබෙන අතර පුහු­ණුව සහ සේවා පද­නම් වූ ප්‍රදාන සහ කොන්ත්‍රාත්තු සඳහා වන ආය­ත­න­යක් ලෙසද සැලකේ.