විලි­ය­ම්සන් යළි කැඳ­වයි

නව­සී­ලන්ත කණ්ඩා­යමේ හිටපු නායක කේන් විලි­ය­ම්සන් ආබා­ධ­ය­කින් සුවය ලැබීම හේතු­වෙන් යළි ටෙස්ට් සංචි­ත­යට කැඳවා තිබේ.

නව­සී­ලන්ත පිල අව­සන් වරට ඉන්දි­යා­වට එරෙ­හිව ක්‍රීඩා කළ ටෙස්ට් තර­ගා­ව­ලි­යට විලි­ය­ම්සන් එක්ව නොසි­ටි­යේය.

එමෙන්ම ශ්‍රී ලංකා­වට එරෙ­හිව පැවැ­ත්වෙන සීමිත ඕවර තර­ගා­වලි ද්විත්ව­යට එක් නොකර විවේක ගන්වා සිටි නායක ටොම් ලේතම් සමඟ ටොම් බ්ලන්ඩල්, ඩැරල් මිචෙල්, විල් ඕ’රූක්, රචින් රවින්ද්‍ර සහ ටිම් සවුති ද එංග­ල­න්ත­යට එරෙ­හිව පැවැ­ත්වී­මට නිය­මිත මේ ටෙස්ට් තර­ගා­ව­ලි­යට නම් කර තිබේ.

එංග­ල­න්තය සහ නව­සී­ල­න්තය අතර තරග 3කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය මේ මස 28 වැනිදා ක්‍රයි­ස්ච­ර්ච්හිදී ආරම්භ වන අතර, මේ තර­ගා­ව­ලිය අයි­සීසී ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලිය යටතේ පැවැත්වේ.

නව­සී­ල­න්ත­යට ලෝක ශූර­තා­ව­ලියේ අව­සන් තර­ග­යට එක්වී­මට අව­ස්ථාව නොලැ­බෙන්නේ නම් මේ තර­ගා­ව­ලි­යෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා­වෙන් සමු­ගන්නා බව වේග පන්දු යවන ටිම් සවුති පසු­ගි­යදා නිවේ­ද­නය කළේය.