ඉලං­කෙයි තමිල් අරසු කච්චි ඉවත දැමූ උතුරු-නැඟෙ­න­හිර ජන­තාව මාලි­මා­වට විශිෂ්ට ජයක් ලබා දෙයි

උතුරු හා නැඟෙ­න­හිර පළාතේ දේශ­පා­ලන බලය වැඩි වශ­යෙන් රඳ­වා­ගෙන සිටි ඉලං­කෙයි තමිල් අරසු කච්චි මෙවර පසු­බැ­සී­ම­කට ලක්ව ජාතික ජන බල­වේ­ගය එම පළා­ත්­වල ජනතා විශ්වා­සය දිනා­ගෙන ඇති බව මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ මනාප ප්‍රති­ඵ­ල­ව­ලින් පෙනී යයි.

මෙයට පෙර පැවති මැති­ව­ර­ණ­යන්හි දී උතුරු හා නැඟෙ­න­හිර පළා­ත්වල වැඩිම මනාප ප්‍රමා­ණ­යක් ලබා­ ගෙන ඉදි­රි­යෙන්ම ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිටි­යත් මෙවර උතුරු පළාතේ යාප­නය හා වන්නි දිස්ත්‍රික් දෙකෙ­හිම වැඩිම මනාප ප්‍රමා­ණ­යක් හිමි­කර ගැනී­මට සමත්ව ඇත්තේ ජාතික ජන බල­වේ­ග­යයි.

යාප­නය දිස්ත්‍රි­ක්ක­යෙන් පළමු තැනට පත්වෙ­මින් ජාතික ජන බල­වේ­ගය මන්ත්‍රී ධුර 03ක් හිමි­කර ගන්නා­විට ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂය දෙවැනි තැනට පත්වෙ­මින් දිනා ගැනී­මට සම­ත්වන්නේ මන්ත්‍රී ආසන 02ක් පමණි.

නැඟෙ­න­හිර පළාතේ දිගා­ම­ඬුල්ල හා ත්‍රිකු­ණා­ම­ලය යන දිස්ත්‍රික් දෙකෙ­හිම මනාප ප්‍රති­ඵල අත­රින් පළමු තැනට ජාතික ජන බල­වේ­ගය පත්වන විට ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂය දිගා­ම­ඬු­ල්ලෙන් සිව් වැනි තැන­ටත්, ත්‍රිකු­ණා­ම­ල­යෙන් තෙවැනි තැන­ටත් පත්ව තිබීම විශේ­ෂි­තය.

ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රි­ක්ක­යෙන් මන්ත්‍රී ධුර 02ක් ද, දිගා­ම­ඬුල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් මන්ත්‍රී ධුර 04ක් ද ජාතික ජන බල­වේග හිමි­කර ගන්නා විට ඉලං­කෙයි තමිල් අර­සු­කච්චි පක්ෂය එම දිස්ත්‍රික් දෙකෙන් හිමි­කර ගන්නේ මන්ත්‍රී ධුර එක බැගිනි.

ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂය මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යෙන් දිනා ගන්නා එකම දිස්ත්‍රි­ක්කය වන්නේ මඩ­ක­ල­පුව දිස්ත්‍රි­ක්කය පමණි. එම පක්ෂය මන්ත්‍රී ධුර 03ක් හිමි­කර ගන්නා අතර එම දිස්ත්‍රි­ක්කයේ දෙවැනි තැනට පත්වූ ජාතික ජන බල­වේ­ගය එක් ආස­න­යක් දිනා ගැනී­මට සමත්ව ඇත.

ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂය මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසු­බෑ­ම­කට ලක්ව ඇති අතර 2020 වසරේ පැවති මහ­මැ­ති­ව­ර­ණ­යෙන් මනාප 327,168ක් එම පක්ෂය ලබා­ගෙන තිබුණේ ජාතික ලැයිස්තු එක් මන්ත්‍රී ධුර­යක් සමඟ මන්ත්‍රී ධුර10ක් හිමි කර­ගෙ­නය.

එහෙත් මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ඔවුන්ට හිමි­ක­ර­ග­න්නට හැකි­යාව ලැබෙන්නේ මනාප 257,813ක් පමණි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යක් සමඟ එම පක්ෂ­යට මෙවර හිමි­වන්නේ මන්ත්‍රී ධුර 08ක් පමණි.