ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ වායූ දූෂණය බරපතළ ලෙස ඉහළ යෑම හේතුවෙන් සියලු ප්‍රාථමික පාසල් දින නියමයකින් තොරව වසා දැමීමට ප්‍රාන්ත රජය පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් දිල්ලි ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති අටීෂ් සිං සඳහන් කර ඇත්තේ වසා දැමූ සියලු පාසල්වල අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට දැනුම් දුන් බවය.
දිල්ලි ප්‍රාන්තයට පමණක් නොව ඒ අවට පළාත්වලට ද වායු දූෂණය ඉහළ යෑම දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, පසුගිය 14 වැනිදා එහි වායු දූෂණ අගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමිත වායු දූෂණ අවම අගයට වඩා 50 ගුණයකින් ඉහළ ගිය බවද වාර්තා වේ. දිස්ත්‍රික්ක 9ක් ඇතුළත් වන දිල්ලි ප්‍රාන්තයට දිස්ත්‍රික්ක 9ක් ඇතුළත් වන අතර, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ද එම ප්‍රාන්තයට අයත් දිස්ත්‍රික්කයක් ලෙස සැලකේ.