තල­පති විජේගේ පක්ෂ­යට වැඩි ආයුෂ නෑ-තමි­ල්නාඩු ප්‍රාන්ත රජයේ ඇමැති අන්බ­ර­සන් කියයි

දෙමළ ඉන්දීය සින­මාවේ නොම්මර එකේ නළුවා වන තල­පති විජේ හෙවත් ජෝශප් විජේ චන්ද්‍ර­සේ­කර්ගේ තමිල්ගා වෙට්‍රි කල­හම් නව දේශ­පා­ලන පක්ෂ­යට වැඩි ආක­ර්ෂණ­යක් තමිල් නාඩුවේ හිමි­වූ­වද, එම පක්ෂය මාස 6කට වැඩි කාල­යක් නොප­ව­තිනු ඇතැයි තමි­ල්නාඩු ප්‍රාන්තයේ පාලක පක්ෂය වන ද්‍රවිඩ මුන්නේට්‍ර කල­හම් පක්ෂයේ අමාත්‍ය ටී.එම්. අන්බ­ර­සන් අනා­වැකි පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඔහු මේ ප්‍රකා­ශය සිදු කර ඇත්තේ පසු­ගිය දශක ගණ­නා­වක කාලය පුරා දේශ­පා­ල­න­යට පිවිසි දෙමළ නළු­වන්ගේ අසා­ර්ථ­ක­ත්වය සිහි­පත් කර­මින් බව ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

තල­පති විජේගේ අස­හාය ජන­ප්‍රි­ය­ත්ව­යට හේතුවී ඇත්තේ සිනමා නළු­වකු ලෙස බවත්, අයු­ක්ති­යට එරෙ­හිව සටන් වදින වීර චරිත රඟ­පෑ­වද තමි­ල්නා­ඩුවේ දේශ­පා­ල­නය තුළ එවැනි නළු­වන්ට ඇති ජන­ප්‍රි­ය­ත්වය ඉතා කෙටි බවත් අන්බ­ර­සන් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ. මේ වන විට දෙමළ සින­මාවේ පම­ණක් නොව සමස්ත ඉන්දි­යාවේ චිත්‍ර­පට රංග­නය වෙනු­වෙන් ඉහ­ළම මුද­ලක් අය කරන තල­පති විජේගේ නව දේශ­පා­ලන පක්ෂ­යට තමි­ල්නාඩු ප්‍රාන්තයේ තරුණ තරු­ණි­යන් විශාල පිරි­සක් එක්වී සිටින බව වාර්තා වේ.