මෙරට මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබාගනිමින්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රිත් නායක විජිත හේරත් මහතා සුවිශේෂ වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව හත් ලක්ෂ දාසය දහස් හත්සිය පහළොවකි. මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම දෙවැනි මනාප සංඛාව අත්පත් කරගනු ලැබුවේ ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය වන අතර, මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වීමට ඇය සමත්ව තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2020 මහ මැතිවරණයට කුරුණැගල දිස්ත්රිත්කයට තරග කරමින් ලබාගත් මනාප පන් ලක්ෂ විසි හත්දහස් තුන්සිය හැටහතර වැඩිම මනාප තෙවැනි ස්ථානයේ පසු වන අතර, 2015 මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මනාප පන් ලක්ෂ පන්සිය හැට හයක් ලබාගෙන තිබිණි.
1994 මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පොදු පෙරමුණ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරමින් මනාප හාර ලක්ෂ හැටහතර දහස් පන්සිය අසූඅටක් ලබාගැනීමට සමත්වූවාය.
2010 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ගම්පහ දිස්ත්‍රිකයෙන් තරග කළ බැසිල් රාජපක්ෂ මහතා මනාප 4 25,861ක් ලබා ගනිමින් එම මහ මැතිවරණයෙන් දිවයිනේ වැඩිම මනාපලාභියා බවට පත්විය. ඒ අනුව සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව 1989 සිට මේ දක්වා පැවති සියලු මැතිවරණ ප්‍රතිඵල අනුව වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගෙන ඇත්තේ, විජිත හේරත් මහතායි.