දෙමළ ඉන්දීය සිනමාවේ නොම්මර එකේ නළුවා වන තලපති විජේ හෙවත් ජෝශප් විජේ චන්ද්‍රසේකර්ගේ තමිල්ගා වෙට්රි කලහම් නව දේශපාලන පක්ෂයට වැඩි ආකර්ෂණයක් තමිල් නාඩුවේ හිමිවූවද, එම පක්ෂය මාස 6කට වැඩි කාලයක් නොපවතිනු ඇතැයි තමිල්නාඩු ප්‍රාන්තයේ පාලක පක්ෂය වන ද්‍රවිඩ මුන්නේට්‍ර කලහම් පක්ෂයේ අමාත්‍ය ටී.එම්. අන්බරසන් අනාවැකි පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ පසුගිය දශක ගණනාවක කාලය පුරා දේශපාලනයට පිවිසි දෙමළ නළුවන්ගේ අසාර්ථකත්වය සිහිපත් කරමින් බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
තලපති විජේගේ අසහාය ජනප්‍රියත්වයට හේතුවී ඇත්තේ සිනමා නළුවකු ලෙස බවත්, අයුක්තියට එරෙහිව සටන් වදින වීර චරිත රඟපෑවද තමිල්නාඩුවේ දේශපාලනය තුළ එවැනි නළුවන්ට ඇති ජනප්‍රියත්වය ඉතා කෙටි බවත් අන්බරසන් වැඩිදුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ. මේ වන විට දෙමළ සිනමාවේ පමණක් නොව සමස්ත ඉන්දියාවේ චිත්‍රපට රංගනය වෙනුවෙන් ඉහළම මුදලක් අය කරන තලපති විජේගේ නව දේශපාලන පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්වී සිටින බව වාර්තා වේ.