මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී මන්ත්‍රී ධුර අහිමි කරගත් අපේක්ෂකයන් කිහිපදෙනකුම පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත් වූ අපේක්ෂකයන් වීම විශේෂත්වයකි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජන සන්ධානය යටතේ තරග වැදුණු සජිත් ප්‍රේමදාස මහතා මෙවර මහමැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමිකර ගෙන තිබේ.
ඊට අමතරව සර්ව ජන බලය පක්ෂයෙන් මෙවර මහමැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් දෙදෙනකු වූ දිලිත් ජයවීර සහ රොෂාන් රණසිංහ මහත්වරු පසුගිය ජනාධිපතිවරණයට තරග වැදී පරාජයට පත් වූවෝ වෙති.
ජනාධිපතිවරණයේදී දිලිත් ජයවීර මහතා මනාප 1,22,396ක් හිමි කර ගත් අතර රොෂාන් රණසිංහ මහතා හිමි කර ගනු ලැබුවේ 4205ක මනාප සංඛ්‍යාවකි. සර්ව ජන බලය පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 25,939ක් හිමි වූ අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 2.10කි. දිලිත් ජයවීර මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 17,143ක් ලබා ගත් අතර රොෂාන් රණසිංහ මහතාට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හිමි වූයේ මනාප 360කි.
කළුතර දිස්ත්‍රික්කයේදී සර්වජන බලය මෙවර මහමැතිවරණයේ දී ඡන්ද 13,564ක් ලබා ගත් අතර පසුගිය ජනාධිපතිවරණයේ දී එම පක්ෂයේ නායක දිලිත් ජයවීරට කළුතර දිස්ත්‍රික්කයෙන් ලැබුණු ඡන්ද ප්‍රමාණය 10,261කි.
එහිදී රොෂාන් රණසිංහ කළුතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 249ක් ලබා ගත්තේය. එසේම බත්තරමුල්ලේ සීලරතන හිමි පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද 6839ක් ලබාගත් අතර ජනක රත්නායක එහිදී ඡන්ද 2405ක් ලබා ගත්තේය. ඔවුන්ට ද මෙවර පාර්ලිමේන්තු වරම් හිමිවන්නේ නැත.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු වූ කේ.කේ. පියදාස මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ අතර ඒ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද පරාජයට පත්වී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් තරඟ කර ඡන්ද 3,42781ක් ලබාගත් අතර මෙවර මැතිවරණයට තරඟ නොකළත් ඔහු ජාතික ලැයිස්තුව නියෝජනය කරයි.
ඔහුගේ මෙවර පාර්ලිමේන්තු ආගමනය සිදුවන්නේ සමස්ත ඡන්ද ප්‍රතිපලය අනුවය. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයේදී 22,99767ක් මනාප ලබා ගත් අතර ඔහු මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවූ අතර ජතික ලැයිස්තුවෙන්ද ඉදිරිපත්ව නැත.