ජන­තාව ඩෝසර්ම අරන් පවි­ත්‍රතා ශ්‍රම­දා­නය හරි­ය­ටම සිදු­ කළා- ජාජබ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් නායක වසන්ත සම­ර­සිංහ

රටේ මහ ජන­තා­ව­ගෙන් 14 වැනිදා මහා ශ්‍රම­දා­න­යට එකතු වෙන්න කියා කළ ඉල්ලී­මට අපේ රටේ ජන­තාව උදලු කැති අරන් නොවේ ඩෝසර්ම කර මේ රටේ ශ්‍රම­දා­නය හරි­ය­ටම කර තිබෙන බවත් ලබා දුන් අති විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යට ජාතික ජන බල­වේ­ගය ලෙස ගෞර­වය පුද කරන බවත්  ජාතික ජන බල­වේ­ගය අනු­රා­ධ­පුර දිස්ත්‍රික් නායක වසන්ත සම­ර­සිංහ මහතා සඳ­හන් කළේය.

ජාතික ජන බල­වේ­ගය ලැබූ අති විශිෂ්ට ජය­ග්‍ර­හ­ණය පිළි­බ­ඳව ඊයේ (15) පෙර­ව­රුවේ මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් වසන්ත සම­ර­සිංහ මහතා මේ බව පැව­සීය. එහිදී තව­දු­ර­ටත් අද­හස් දක්ව­මින් මෙසේද සඳ­හන් කළේය.

මේ රටේ ජාතික ජන බල­වේ­ගයේ ආරා­ධ­නය විශ්වාස කර­මින් අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­රයා රට ගොඩ­න­ඟන වැඩ­පි­ළි­වෙ­ළට අත්වැල් බැඳ ගන්නා ලෙස කළ ආරා­ධ­න­යට, මාලි­මාවේ පුන­රුද වැඩ­පි­ළි­වෙළ සමඟ අත්වැල් බැඳ­ගත්ත මේ අති­වි­ශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යට දායක වෙච්ච මේ රටේ පොදු මහ­ජ­න­තා­වට ජාතික ජන බල­වේ­ගය ලෙස අපි අපේ ගෞර­වය පුද කර­නවා.

අපි ජන­තා­වට කිව්වා දාහ­තර වැනිදා මහා ශ්‍රම­දා­න­යට එකතු වෙන්න කියලා අපේ රටේ ජන­තාව ශ්‍රම­දා­නය හරි­ය­ටම කරලා තියෙ­නවා. එය උදලු කැති අරන් නොවේ ඩෝසර්ම අරන් පිරි­සුදු කිරීමේ ශ්‍රම­දා­නය හරි­ය­ටම කරලා තියෙ­නවා. පාර්ලි­මේ­න්තුව එක­සිය හැට­කට ආසන්න ප්‍රමා­ණ­ය­කින් පුර­වලා තිබෙ­නවා. එය මේ රටේ ජන­තා­වගේ උව­ම­නා­වයි. ඒ බව උතු­රෙන් පෙන්නලා තිබෙ­නවා. ජාති­වා­දය නොවේ මේ රටට අවශ්‍ය වන්නේ කියා, නැඟෙ­න­හි­රින් හා වතු­ක­ර­යෙන්ද පෙන්වා දී තිබෙ­නවා. රට හැම තැනින්ම පෙන්වා දී තිබෙ­නවා. එක රටක මිනිස්සු හැටි­යට ජීවත් වෙන්න අව­ශ්‍යයි කියන පණි­වි­ඩය අපිට පෙන්නලා දී තිබෙ­නවා.

ඒ නිසා මේ එකතු වෙච්ච සමස්ත මහ­ජන ජන­තාව මේ පෙන්නපු පණි­වි­ඩය ජාතික ජන බල­වේ­ගය ලෙස අපි තේරුම් අර­ගෙන මේ රටේ අනා­ගත පර­ම්ප­රා­වට දියුණු රටක් ලෙස භාර­දී­මට අපගේ පුන­රුද වැඩ­පි­ළි­වෙළ ශක්ති­මත්ව ඉදි­රි­යට ගෙන යන්නට පාර්ලි­මේ­න්තුව තුළ වැඩ කර­න්නට අපි කට­යුතු කර­නවා.

ජන­තාව ජන­තා­වගේ යුතු­කම් ඉටු කළා සේම අපි හදන ආණ්ඩුව අපේ යුතු­කම් ඉටු කර­නවා. දහ­අට (18) වැනිදා කැබි­නට් මණ්ඩ­ලය පත්වී  (21) වැනිදා පාර්ලි­මේ­න්තුව රැස් කර­නවා. ඉන් පසුව අපි ජන­තා­වට වෙච්ච පොරොන්දු ඉටු කිරී­ම­ටත් කට­යුතු කරන බව වසන්ත සම­ර­සිංහ මහතා වැඩි දුර­ටත් පැවැ­සිය.