මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය සහ කෙටි පණිවිඩ ඔස්සේ සිදුවූ මැතිවරණ ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.
නිහඬ කාලය තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය හා කෙටි පණිවිඩ ඔස්සේ ද ප්‍රචාරණ කටයුතු සිදුකළ නොහැකි වූවත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන කෙටි පණිවිඩ සිය ජංගම දුරකතනයට ද ලැබුණු බව සභාපතිවරයා පැවසීය. එබැවින් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරමින් ජංගම දුරකතන ඔස්සේ සිදුකරන ප්‍රචාරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ අවධානය යොමු කර ඇති බව ද හෙතෙම පැවසීය.
මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති මැතිවරණ පැමිණිලි නිරීක්ෂණ මධ්‍යස්ථානය, සමාජ මාධ්‍ය හැසිරීම නිරීක්ෂණය කරන බව සඳහන් කළ ඒ මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ කෙටි පණිවිඩ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද ඒ සඳහා වැඩපිළිවෙළක් යොදා ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ක්‍රියාකාරකම් ඍජුව පාලනය කිරීම අපහසු බව පෙන්වා දුන් ඒ මහතා, සමාජ මාධ්‍ය යම් මට්ටමකට පාලනය කළ හැකි බවත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ විදේශීය රටවලින් බවත් පෙන්වා දුන්නේය.