2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අද (14) ඡන්ද පොළට ඇතුළු වීමට අවසර ඇත්තේ අවසරලත් තැනැත්තන්ට පමණක් බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව ඡන්ද පොළෙහි ලියාපදිංචි ඡන්ද හිමියන්, ඡන්ද පොළ කාර්ය මණ්ඩලය, ඡන්ද පොළ රාජකාරියෙහි නියුක්ත පොලිස් නිලධාරීන්, තරග කරනු ලබන අපේක්ෂකයන්, එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් විධිමත් පරිදි පත් කරන ලද ඡන්ද පොළ නියෝජිතයන්, මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලත් දේශීය/විදේශීය නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන්, තේරීම් භාර නිලධාරියාගේ අවසරය ලත් නිලධාරීන් මෙලෙස ඡන්ද පොළට ඇතුළු වීමට නීතියෙන් අවසර දී ඇති තැනැත්තන් බව කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.