හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට දී තිබූ නිල නිවාස සියල්ල නැවත රජයට භාර දී අවසන් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එලෙස රජයට භාර ගත් නිල නිවාසවල බඩුමුට්ටු සම්බන්ධයෙන් නිල ලේඛනගත කිරීම සහ විමර්ශන මේ වන විට සිදු කෙරෙමින් පවතී. හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට නිල නිවාස ලෙස දී තිබුණුු රජයේ නිල නිවාස ගණන විසි අටකි. නිල නිවාස ලෙස මෙතෙක් භාවිතයට ගත් නිල නිවාස සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා තුරු ඒවායෙහි ආරක්ෂාව සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගෙන ඇත.