අද පැවැත්වෙන මහ මැතිවරණයේදී හැම පුරවැසියකුම ඡන්දය ප්‍රකාශ කරන්නැයි ක්‍රිස්තියානි මණ්ඩලය ඡන්ද දායක ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. පසුගිය ජනාධිපතිවරණයත් මෙවර මහ ඡන්දයත් පූර්වගාමීව ඉතා සාමකාමීව පැවැත්වීමට ක්‍රියා කළ සියලු දෙනාටම සමස්ත රටේ ගෞරවය හිමි වන බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහානායක කිංස්ලි වීරසිංහ දේවගැතිතුමා පැවසූහ. උන් වහන්සේ මේ බව කියා සිටියේ ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේදී ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කිංස්ලි වීරසිංහ දේවගැතිතුමා මෙවර මහ මැතිවරණයේදී සෑම පුරවැසියකුම තම පරම අයිතියක් වන ඡන්දය අනිවාර්යයෙන්ම පාවිච්චි කරන ලෙස ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ඉල්ලා සිටින බව පැවසූහ. එසේම මෙවර මහමැතිවරණයේදී තම නියෝජිතයන් තෝරාගැනීමේදී චෝදනා රහිත, පළපුරුදු පරිණත අය සේම උගත් බුද්ධිමත් තරුණ පරපුර දෙසත් අවධානය යොමු කරන මෙන්ද විශේෂයෙන් කාන්තා නියෝජනය ගැන අවධානය යොමු කරන මෙන්ද උන් වහන්සේ ඉල්ලා සිටියහ.
නොසලකා හැරීමට ලක් වී ඇති ජනතාව ගැන, ප්රතිසන්ධානය ගැන, පරිසරය ගැන ගැඹුරින් සලකා බලන අය මෙවර පාර්ලිමේන්තුවට තෝරා යැවීමට ජනතාව අවධානය යොමු කළ යුතු බව ක්‍රිෂෝර් ගාන්ධි කුමාර් දේවගැතිතුමා ප්‍රකාශ කළහ. එසේම මෙහිදී ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහලේකම් සුජිත සිවඥානගම් පියතුමාද එම මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරක රැල්ස්ටන් වයමන් මහතාද ලංකා සභාවේ කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු පියතුමාද මෙහි දී අදහස් දැක්වූහ.