සර්ව­ජන බලය පක්ෂයේ අපේ­ක්ෂ­ක­යකු නිහඬ කාලයේ බෙදන්න ගෙනා පොත් තොග­යක් ගලහ පොලි­සිය සොයා ගෙන

සර්ව­ජන බලය පක්ෂයේ මහ­නු­වර දිස්ත්‍රික් අපේ­ක්ෂ­ක­යකු නිහඬ කාල සීමාවේ දී ඡන්ද දාය­ක­යන්ට බෙදා දීමට සූදා­නම් කර තිබූ බවට සැක කෙරෙන පොත් පාර්සල් තොග­යක් ගලහ ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථා­නයේ ගබඩා කාම­ර­යක සඟවා තිබිය දී ගලහ පොලි­සියේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් ඊයේ (13) සොයා ගනු ලැබ තිබේ.  මෙම පොත්ව­ලින් කොට­සක් ගලහ, දෙල්තොට ප්‍රදේ­ශයේ වතු ආශ්‍රි­තව පෙරේදා (12) දිනයේ දී බෙදා දී තිබෙන බවට ද ට්‍රාන්ස් පේරන්සි ආය­ත­න­යට තොර­තුරු ලැබී ඇත.  එම ආය­ත­නය සහ ප්‍රදේ­ශයේ ජාතික ජන බල­වේ­ගයේ පිරි­සක් ගලහ පොලි­සි­යට හා මැති­ව­රණ නිල­ධා­රීන්ට කරන ලද දැනුම් දීම­කට අනුව පොලිස් නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් ඊයේ (13) එහි ගොස් ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථා­නයේ ගබ­ඩාව පරීක්ෂා කර තිබේ.

එම අව­ස්ථාවේ ගබ­ඩාවේ තිබී පොත් පාර්සල් කට්ටල 17ක් සොයා ගත් බව පොලි­සිය පව­සයි.

මේ සම්බ­න්ධ­යෙන් කළ විම­සි­මක දී ගලහ ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථා­නයේ ප්‍රාදේ­ශීය නිල­ධා­රි­නිය පැව­සුවේ පෙරේදා (12) පස්වරු 4.30 න් පසු කාලය තුළ මෙම පොත් කවු­රුන් හෝ ගබඩා කාම­ර­යට ගෙන­විත් දම­න්නට ඇති බවයි. ඒ සම්බ­න්ධ­යෙන් තමන් පරී­ක්ෂ­ණ­යක් කරන බව ද ඇය කීවාය.   ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථා­නයේ මුර­ක­රු­වකු ද සේවයේ යොදවා සිටින බව ප්‍රදේ­ශ­වා­සිහූ පැව­සූහ.