වනිඳු විස්සයි20 පිටියේ ඉහළට එයි

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය නිකුත් කළ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව විස්සයි20 පන්දු යව­න්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉදි­රි­යට පැමි­ණී­මට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හස­රංග සමත් වෙයි.

නව­සී­ල­න්ත­යට එරෙ­හිව දඹු­ල්ලේදී නිමා වූ තරග දෙක­කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලි­යේදී දැක්වූ දස්කම් මත වනිඳු ස්ථාන 4ක් ඉදි­රි­යට ඒමට සමත්ව තිබේ. ලකුණු 37කට කඩුලු 6ක් බිඳ දම­මින් ඔහු තර­ගා­ව­ලියේ වැඩිම කඩු­ලු­ලා­භියා බවට ද පත් විය.

එම තර­ගා­ව­ලි­යේදී කඩුලු 5ක් දවා­ගත් වේග පන්දු යවන මතීෂ පති­රණ සහ කඩුලු 4ක් බිඳ දැමූ වේග පන්දු යවන නුවන් තුෂාර කැපී පෙනෙන අයු­රින් ඉදි­රි­යට පැමිණ සිටිති. මතීෂ ස්ථාන 22කින් ඉහ­ළට එමින් 31 වැනි ස්ථාන­යේත්, තුෂාර ස්ථාන 28කින් ඉදි­රි­යට ගොස් 48 වැනි ස්ථාන­යත් හිමි­කර ගෙන සිටිති. එක් ස්ථාන­ය­කින් පහත බැස ඇති දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සිව්වැනි ස්ථානයේ සිටින අතර, එහි පළමු ස්ථාන එංග­ල­න්තයේ අදිල් රෂීඩ්ට සහ තෙවැනි ස්ථානය කොදෙව් ක්‍රීඩක අකීල් හොසෙ­යින්ට හිමිව ඇත.

කෙසේ වෙතත් විස්සයි20 පිති­ක­රු­වන් අතර ශ්‍රී ලාංකික ක්‍රීඩ­ක­යන්ගේ කැපී පෙනෙන වෙන­සක් සිදුව නැති අතර, පැතුම් නිශ්ශංක 8 වැනි තැන රැඳී සිටි­යදී කුසල් මෙන්ඩිස් (15) ස්ථාන 3කින් පහත වැටී තිබේ. නායක චරිත් අස­ලංක (37) ස්ථාන 2ක්, කුසල් ජනිත් පෙරේරා (41) එක් ස්ථාන­යක් ඉහ­ළට ගොස් තිබේ.

මේ අතර පාකි­ස්තාන වේග පන්දු යවන ක්‍රීඩක සහීන් ෂා අෆ්රිඩි ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව පැවති එක්දින තර­ගා­ව­ලි­යේදී දැක්වූ දස්කම් මත පන්දු යව­න්නන් ශ්‍රේණි­ගත කිරී­ම්වල පළමු ස්ථාන­යට පත්වී­මට සමත්ව ඇත. පසු­ගිය වස­රේත් පෙර­මුණ හිමි කර ගැනී­මට සමත්වූ ඔහු මෙවර ස්ථාන 3ක් ඉදි­රි­යට එමින් පෙර­මුණ ගනිද්දී පළමු ස්ථානයේ සිටි දකුණු කේෂව් මහ­රාජ් තෙවැනි ස්ථාන දක්වා පහත වැටී ඇති අතර, දෙවැනි ස්ථානය ඇෆ්ග­නි­ස්තා­නයේ රෂීඩ් ඛාන්ට හිමිව ඇත.

ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ 12 වැනි තැනම රැඳී සිටි­යදී වනිඳු හස­රංග (18) එක් ස්ථාන­යක් පහත බැස තිබේ. පිති­ක­රු­වන් අතර පෙර­මුණ ද පාකි­ස්තා­න­යට හිමිව ඇති අතර, බාබර් අසාම් එහි පළමු ස්ථානයේ සිටී.