මැතිවරණ නිහඬ කාලයේදී SMS-සමාජ මාධ්‍යයෙන් ප්‍රචා­රණයේ යෙදුණු අයට වැඩ වරදී-මැතිවරණ කොමිසමෙන් පරීක්ෂණ

මෙවර පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණ­යට අදාළ නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය සහ කෙටි පණි­විඩ ඔස්සේ සිදුවූ මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු සම්බ­න්ධ­යෙන් මැති­ව­රණ කොමි­ෂන් සභාව අව­ධා­නය යොමු කර ඇති බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා ප්‍රකාශ කළේය.

නිහඬ කාලය තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය හා කෙටි පණි­විඩ ඔස්සේ ද ප්‍රචා­රණ කට­යුතු සිදු­කළ නොහැකි වූවත් අපේ­ක්ෂ­ක­යන් ප්‍රව­ර්ධ­නය කරන කෙටි පණි­විඩ සිය ජංගම දුර­ක­ත­න­යට ද ලැබුණු බව සභා­ප­ති­ව­රයා පැව­සීය. එබැ­වින් අපේ­ක්ෂ­ක­යන් ප්‍රව­ර්ධ­නය කර­මින් ජංගම දුර­ක­තන ඔස්සේ සිදු­ක­රන ප්‍රචා­ර­ණය සම්බ­න්ධ­යෙන් මැති­ව­රණ කොමි­ෂන් සභාව විශේෂ අව­ධා­නය යොමු කර ඇති බව ද හෙතෙම පැව­සීය.

මැති­ව­රණ මහ­ලේ­කම් කාර්යා­ලයේ ස්ථාපිත කර ඇති මැති­ව­රණ පැමි­ණිලි නිරී­ක්ෂණ මධ්‍ය­ස්ථා­නය, සමාජ මාධ්‍ය හැසි­රීම නිරී­ක්ෂ­ණය කරන බව සඳ­හන් කළ ඒ මහතා විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව සමඟ කෙටි පණි­විඩ සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කළ බව ද ඒ සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් යොදා ඇති බව ද වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

මෙම ක්‍රියා­කා­ර­කම් ඍජුව පාල­නය කිරීම අප­හසු බව පෙන්වා දුන් ඒ මහතා, සමාජ මාධ්‍ය යම් මට්ට­ම­කට පාල­නය කළ හැකි බවත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියා­ත්මක වන්නේ විදේ­ශීය රට­ව­ලින් බවත් පෙන්වා දුන්නේය.