මෙරට 10 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහමැතිවරණ ඡන්ද විමසීම අද (14) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙයි. නිදහස් හා සාධාරණව මෙවර මැතිවරණය පැවත්වීම සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
ඡන්දය යනු පුරවැසියාගේ අයිතිය හා බලය බවත් ඔබගේ බලය හා අයිතිය නිවැරදි ලෙස පාවිච්චි කිරීමට හැකි තරම් වේලාසනින් ඡන්ද පොළට ගොස් සිය අයිතිය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.
මෙවර මැතිවරණය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් ඇතුළුව අපේක්ෂකයන් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන් ගණන 17,140,354කි.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් 5006ක් සහ ස්වාධීන කණ්ඩායම්වලින් 3346ක් ඉදිරිපත් වී සිටියි. ඒ අනුව තරග කරන සමස්ත අපේක්ෂකයන් ගණන 8352කි.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරද සමඟ පාර්ලිමේන්තුව සඳහා තෝරා පත්කර ගැනෙන්නේ මන්ත්‍රීවරුන් 225කි.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබීමෙන් පසුව පස්වරු 7.15න් පසුව ආරම්භ කරන බව කොමිසමේ සභාපති රත්නායක මහතා පැවසීය. ඡන්ද බලප්‍රදේශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කළ පසු මාධ්‍ය වෙත නිකුත් කරන බැවින් නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙස ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය/පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයන්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිතා කළ හැති බව ද සභාපතිවරයා කියා සිටියේය.