ඇමැති නිල නිවාස සියල්ල රජ­යට භාර දී අව­සන්-රාජ්‍ය පරි­පා­ලන පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශය

හිටපු අමා­ත්‍ය­ව­රුන් සහ රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන්ට දී තිබූ නිල නිවාස සියල්ල නැවත රජ­යට භාර දී අව­සන් බව රාජ්‍ය පරි­පා­ලන පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශය පව­සයි. එලෙස රජ­යට භාර ගත් නිල නිවා­ස­වල බඩු­මුට්ටු සම්බ­න්ධ­යෙන් නිල ලේඛ­න­ගත කිරීම සහ විම­ර්ශන මේ වන විට සිදු කෙරෙ­මින් පවතී. හිටපු අමා­ත්‍ය­ව­රුන්ට සහ රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන්ට නිල නිවාස ලෙස දී තිබුණුු රජයේ නිල නිවාස ගණන විසි අටකි. නිල නිවාස ලෙස මෙතෙක් භාවි­ත­යට ගත් නිල නිවාස සම්බ­න්ධ­යෙන් ඉදිරි පිය­වර ගන්නා තුරු ඒවා­යෙහි ආර­ක්‍ෂාව සඳහා යුද හමු­දාව යෙද­වී­මට පිය­වර ගෙන ඇත.