අර්ධ ශතක 5ක සවි­යෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 221කින් පෙරට

පිති­ක­රු­වන් 5 දෙනකු රැස් කළ අර්ධ ශතක හේතු­වෙන් පාකි­ස්තාන සහීන්ස් කණ්ඩා­යම සමඟ පැවැ­ත්වෙන පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තර­ග­යේදී ලකුණු 221කින් පෙරට පැමි­ණී­මට සංචා­රක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම සමත් විය.

රාව­ල්පි­න්ඩි­හිදී පැවැ­ත්වෙන මේ තර­ගය ඊයේ තෙවැනි දින­යට නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම වෙනු­වෙන් ලකුණු 364ක් රැස් කර තිබුණේ කඩුලු 9ක් දැවී තිබි­ය­දීය.

සොනාල් දිනූෂ නොදැවී ලකුණු 62ක් රැස් කර සිටියේ හතරේ පහර 6ක් සමඟ පන්දු 125කිනි.

මේ ඉනි­මේදී නායක පසිඳු සූරි­ය­බ­ණ්ඩාර (64), අහන් වික්‍ර­ම­සිංහ (53), පවන් රත්නා­යක (60), වනුජ සහන් (73) සහ සොනාල් දිනූෂ (නොදැවී 62) අර්ධ ශතක රැස් කළහ. පෙරේදා තර­ගය නතර කරන විට දෙවැනි කඩු­ල්ලට ලකුණු 76ක සබ­ඳ­තා­වක් ගොඩ­නඟා සිටි නිපුන් ධනං­ජය සහ අහන් වික්‍ර­ම­සිංහ තවත් ලකුණු 10ක් එක් කර­ගත් අතර, නිපුන් ලකුණු 28ක් ලබා සිටි­යදී දැවී යෑමෙන් එම සබ­ඳ­තාව නිමා විය.

නායක පසිඳු සූරි­ය­බ­ණ්ඩාර සහ පවන් රත්නා­යක සිව්වැනි කඩු­ල්ලට පන්දු 142කින් ලකුණු 126ක සබ­ඳ­තා­වක් ගොඩ­න­ඟ­මින් පාකි­ස්තාන පළමු ඉනිම අබි­බවා ශ්‍රී ලංකා ඉනිම ඉදි­රි­යට ගෙන ගියහ. මුළු ලකුණු 213දී එම සබ­ඳ­තාව බිඳ වැටුණේ පවන් ලකුණු 60කට දැවී යෑමෙනි. කෙසේ වෙතත් ලකුණු 7ක් තුළ තවත් කඩුලු 3ක් බිඳ වැටී­මෙන් ඉනිම ලකුණු 226කට කඩුලු 7ක් විය. 8 වැනි කඩු­ල්ලට එක් වූ සොනාල් දිනූෂ සහ වනුජ සහන් ලකුණු 130 සබ­ඳ­තා­වක් ගොඩ­න­ඟ­මින් ඉනිම ලකුණු 350 සීමා­වෙන් එපි­ටට රැගෙන ගියහ. පන්දු 99කදී හතරේ පහර 7ක් සහ හයේ පහ­රක් සමඟ ලකුණු 73ක් රැස් කළ වනුජ දැවී යෑමෙන් එම සබ­ඳ­තාව අව­සන් විය. අද තර­ගයේ අව­සන් දින­යයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 115 (ඕවර 33.1) සොනාල් දිනූෂ 30 (කාෂිෆ් අලි 31/5, කුරාම් ශෙහ්සාඩ් 32/4)

පාකි­ස්තාන සහීන්ස් පළමු ඉනිම – 258 (ඕවර 82.1) හුසේන් තලාත් 56, අලි සර්යුබ් 55, රොහ­යිල් නසීර් 55 (විශ්ව ප්‍රනාන්දු 44/4, ඉසිත විජේ­සු­න්දර 49/2, නිසල තාරක 57/2)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම – 364/9 (ඕවර 96) වනුජ සහන් 73, පසිඳු සූරි­ය­බ­ණ්ඩාර 64, පවන් රත්නා­යක 60, අහන් වික්‍ර­ම­සිංහ 53, සොනාල් දිනූෂ නොදැවී 62 (කුරාම් ශෙහ්සාඩ් 70/4, මොහො­මඩ් සුලෙ­මන් 21/2, කාෂිෆ් අලි 79/2)