නුවරඑළියට එන සංචාරකයන්ට සුපිරි අවන්හලක්

නුවරඑළිය කියන්නේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළින්ම දිනාගත් සංචාරක පුරවරයකි සීතල මිහිදුම් පහස විඳිමින් සුන්දර නුවරඑළියේ සංචාරය කරමින් එහි අසිරිය විඳින්නට දෙස් විදෙස් සංචාරකයන් දක්වන්නේ දැඩි කැමැත්තකි. ලෝකාන්තය, හෝර්ටන්තැන්න, පිදුරුතලාගල, හග්ගල, ග්‍රෙගරි වැව ආදී ස්ථාන සංචාරකයන්ගේ සිත්ගත් දර්ශනීය ගමනාන්ත වී ඇත.දීර්ඝ නිවාඩු දිනයේ සති අන්ත සහ පාසල් නිවාඩු කාලයේ නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යනු දැකිය හැකිය. ලංකාවට ඩොලර් ගෙනෙන විදේශීය සංචාරකයන් තම නිවාඩුව ගත කිරීමට නුවරඑළිය අනිවාර්යයෙන්ම තෝරාගනී. පුංචි එංගලන්තයට පැමිණ ක්ෂණිකව වෙනස් වන කාලගුණික තත්ත්වයට විදේශීය සංචාරකයන් දක්වන්නේ දැඩි කැමැත්තකි. මේ තත්ත්වය මනාව අවබෝධ කර ගත් රජය 2025 වර්ෂයේ ලංකාවට සංචාරකයන් වැඩිම පිරිසක් ගෙන්වා ගැනීමට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් සූදානමින් සිටී. ගරා වැටෙමින් විනාශ වෙමින් පැවැති නුවරඑළිය රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජ ගොඩනැඟිල්ල සුපිරි අවන්හලක් බවට මේ වන විට පත් කර ඇත. දේශීය ආයෝජකයකු මේ සඳහා විශාල මුදලක් ආයෝජනය කර ඇති අතර, ප්‍රදේශයේ තරුණ තරුණියක් රැසකට ඍජු මෙන්ම වක්‍ර රැකියා අවස්ථා ගණනාවක් ද උදාකර දී ඇත. මෙලෙස පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් අරමුණු කර ගනිමින් ඉදි කරන ලද සුපිරි අවන්හල මේ වන විට නුවරඑළිය නගරයේ ලේඩි මැක්ලම් ඩ්‍රයිව්හිදී විවෘත කර ඇත. ඉතා නිස්කලංක වටපිටාවක පිහිටි මේ අවන්හල නවීන සුපිරි පහසුකම් සහිතව ඉදිකර ඇත. දෙස් විදෙස් ප්‍රණීත ආහාර, කැරොකේ සංගීතය සමඟ රස විඳින අතරතුර නුවරඑළියට මීට පෙර පැමිණි සංචාරකයකු කිසිම අවස්ථාවක නොවිඳි අත්දැකීමක් මේ සුපිරි අවන්හලට පැමිණීමෙන් ඔබට ලබාගත හැකිය. සංචාරකයන් බහුලව පැමිණි විට නුවරඑළිය ඉතා කාර්යබහුල නගරයක් බවට පත්වන අතර, එම අවස්ථාවලදී වාහන තදබදයටද විසඳුමක් ලෙස මේ අවන්හල අවට වාහන 50ට වැඩි ප්‍රමාණයක් ගාල් කළ හැකි රථ ගාලක් ද සකස් කර ඇත.

සියලු පහසුකම් සහිතව විදේශීය සංචාරකයන් ඉලක්ක කර මේ අවන්හල ඉදි කර ඇත. නුවරඑළියට සංචාරයට පැමිණෙන සංචාරකයන් දින කීපයක් නුවරඑළිය නගරයේ රඳවා ගැනීම ද මෙවැනි සුපිරි අවන්හලක් ඉදි කිරීමේ පරමාර්ථයකි. නුවරඑළියේ සංචාරය කරන ඔබට වසර සිය ගණනකට පෙර සුදු ජාතිකයන් සිය අභිමානය සනිටුහන් කරමින් අශ්ව කරත්තය නවතා කා බී විනෝද වූ බිම්කඩක නැවුම් අත්දැකීමක් විඳ ගැනීමට ඔබටත් ආරාධනා කර සිටී.