ලංකාවේ නිල සංචිත ප්‍රමාණය 81% කින් ඉහළට

ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් ලෙස සටහන්වී තිබේ.

එය ගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 81%ක වර්ධනයක් ලෙස සටහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා ඇතිවූ බලපෑම මත මෙම වර්ධනය සිදුවී ඇති බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි.