අමෙරිකාවේ නව ජනපති ලෙස තේරිපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටෙස්ලා අධිපති එලොන් මස්ක්ට (Elon Musk) ධවල මන්දිරයේ ප්‍රධාන තනතුරක් ලබා දී ඇත.
ඒ නව දෙපාර්තමේන්තුවක් හඳුන්වාදෙමිනි. එය නම් කර ඇත්තේ “රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව” ලෙසයි.
නව “රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව” මෙහෙයවීමේ වගකීම එලොන් මස්ක්ට පවරා ඇති අතර එය ඔහුගේ නැගී එන නව කණ්ඩායම ලද නවතම පත්වීම ලෙස සැලකේ.
තවත් ලෝක ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයා හිටපු රිපබ්ලිකන් ප්‍රාථමික අපේක්ෂක විවේක් රාමස්වාමි සමඟ එක්ව එම දෙපාර්තමේන්තුවට නායකත්වය දෙනු ඇති බයි ට්‍රම්ප් පවසයි.
නව දෙපාර්තමේන්තුව මගින් රජයේ වියදම් කපා හැරීමට, රජයෙන් පිටත සිට උපදෙස් සහ මගපෙන්වීම් ලබා දෙනු ඇති බවත් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපරයට මස්ක් ඩොලර් මිලියන 100 ක් පමණ ප්රදානය කළ අතර, මැතිවරණය ආසන්නවත්ම ට්‍රම්ප්ට සහාය පළ කරන්නන් සොයා දිනකට එක් අයෙකුට ඩොලර් මිලියනයක් බැගින් ලබා දුන් බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.