ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී නොකළ යුතු දේවල්

ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ජංගම දුරකථන භාවිතය තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම ඡායාරූප ගැනීම සහ වීඩියෝගත කිරීම ද තහනම් වන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මීට අමතරව ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිදු නොකළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසම විසින් ජනතාව දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව අවි ආයුධ සන්තකයේ තබා ගැනීම, දුම්පානය, මත්පැන් පානය සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය තහනම් වන අතර ඒවා භාවිත කර පැමිණීම ද තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.