“ 2024 Airshow China”හෙවත් 15 වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා හා අභ්‍යවකාශ ප්‍රදර්ශනය ආරම්භ වී තිබෙනවා.
මෙම ප්‍රදර්ශනය ආරම්භ වූයේ දකුණු චීනයේ ගුවං තුං පළාතේ චු හයි නගරයේදීයි.
රටවල් හා කලාප 47ක ව්‍යවසායන් 1022ක් ඊට එක්ව සිටින අතර 2023 Airshow China”ප්‍රදර්ශනයට සාපේක්ෂව මෙවර ප්‍රදර්ශනයට සහභාගි වූ විදෙස් ව්‍යවසායන් සංඛ්‍යාව 104%කින් වර්ධනය වී ඇති බව සඳහන්.
ගොඩබිම්, මුහුද, ගුවන් ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් ලොව ඉහළම මට්ටමේ ගුවන් සේවා හා අභ්‍යවකාශ නිෂ්පාදන“ 2024 Airshow China”මගින් ප්‍රදර්ශනය කෙරෙනවා.
චීනයේ Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානය මගින් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත කොටසේ සාම්පල හා එම යානයේ “ආපසු පැමිණීමේ සැප්සියුලය” ඇතුළු ප්‍රදර්ශන භාණ්ඩ රැසක් එහිදී ප්‍රදර්ශනය කිරීම ද විශේෂත්වයක්.