බලශක්ති අමාත්‍යාංශය මඟින් දිවයින පුරා ඇති සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්ය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ සූර්ය පැනල කට්ටල සවි කිරීමේ කටයුතු වේගවත් කර ඇත.
නව පුනරුද යුගයක අරුණළු සමඟින් මහජන කේන්ද්‍රීය බලශක්ති ක්ෂේත්රයක් කරා පියනඟන බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා ඉන්දීය රජයේ ඩොලර් මිලියන 17 ක මූල්‍ය සහයෝගයක් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව දිවයින පුරා පවතින සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය වන පරිදි පියැසි මත ඉදිවන සූර්ය බල ව්‍යාපෘතියේ වැඩකටයුතු වේගයෙන් ඉදිරියට යමින් පවතී.
මෙම දීපව්‍යාප්ත සුවිසල් බලශක්ති ව්‍යාපෘතිය සිදුකරන ලබන ප්‍රිමියර් එනර්ජීස් ආයතනය (Premier Energies Limited) සහ ඇක්සස් සෝලර් පුද්ගලික සමාගම (Access Solar Pvt Limited) විසිනි.
මෙම ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් සනිටුහන් කරමින් ආගමික ස්ථාන හතරක් වෙත ලබා දෙන ලද කිලෝවොට් පහක (5 kW) ධාරිතාවක් සහිත සූර්ය පැනල කට්ටල පියසි මත ස්ථාපිත කිරීම පසුගියදා සිදු කරන ලදි.