IMF නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතය

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම යටතේ තුන්වන සමාලෝචනය සිදු කිරීමට නියමිතව ඇත.

මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මීළග ණය වාරිකය ලබාදීම සිදු කෙරෙයි