වසර 22කට පසුව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් හිමි කරගෙන තිබෙනවා.
ඒ, පර්ත්හිදී අද (10) අවසන් වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගනිමින්.
ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායමට හැකියාව ලැබුණා.
අවසන් වරට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මෙවැනි ජයක් හිමිකරගෙන තිබුණේ වකාර් යුනිස්ගේ නායකත්වය යටතේ 2002 වසරේ වසරේ සිදුකළ තරග සංචාරයේදීයි.
අද අවසන් වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ලකුණු 140කට දැවීගිය අතර, කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 141ක ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට පාකිස්ථානය සමත් වුණා.